Sunday, November 29, 2015

ඒකිගේ සෙල්ෆිය

වැඩි කල් නැත මා කියනා සිද්ධියට
යන්නට වුනා මිතුරකු හා මලගෙදර
ආසන්නව රෑ දොලහේ කණිසමට
මිතුරා ගියා ජංගමයෙන් බුකිය වෙත

රෑ දොලහද පසු වී ගිය නිසාවෙන
ඉතිරිය කිහිප දෙනෙකුය මල ගෙදර
සිටිනා විටෙක කැරමක් ගසමින් ඔන්න
දෙවනත් වෙන්න බෙරිහන් දුනි මා මිතුර

ක්ෂණිකව ගියා ඔහු හිදිනා දිශාවට
ඇසුවෙමි උඹට අමු කැවිලද බූරුදෙන
නැත පිලිතුරක් ඔහුගෙන් ලැබුනේ මෙමට
කට ඇරගෙන බලා සිටී ජංගමය දෙස

බැලුවා අතට ගෙන ඔහුගේ ජංගමය
දුටුවා ඒ දසුන මාගේ නෙත් දෙකම
තිගැස්සී ගියා මගෙ මුලු සියොලගම
වෙව්ලන්නට විය මගෙ දෙපා යුවලම

යක්ෂණියක්ය මිතුරාගේ ජංගමයේ
ඇස් දෙක කුඩා විය එය දුටු විගසේ
මහ රෑ මලගෙදර වූ මේ ජරමරයේ
මිනියද තිගැස්සෙයි දුටුවොත් මේ රූපේ

ටික වේලාවකින් අවබෝධෙට ආවේය
බුකියේ දමා තිබුනු සේයාරුවකි එය
පෙනුමෙන් නම් මෝහිනී පරාදය
කෙල්ලෙක් දැමූ චාටර් සෙල්ෆියකි එය

~සුපුන් සුදාරක~


සුද්දිගේ කැමරාව

සොදුරු වලා බර අහස,
ඈතින් දිස් වන කදු පන්ති,
සීගිරි ගල මුදුනට පෙනෙනා වනාන්තර,
කැමරා කාචයට හසු කර ගැනීමට නම්
කදිම දසුන් නොවන්නේද?

එනමුදු,
ඒ සියල්ල පසෙක තබා,
මේ කොරියන් සුද්දිට ඕනිලු
ලංකාවේ කලු යුවතියකගේ
සිරියාවන්ත මුහුණු පොඩිත්ත
කැමරාවට ගන්න...

~සුපුන් සුදාරක~


Wednesday, November 25, 2015

අහෝ දුටු ගැමුණු, මෙයද ආදරය??

රජ පදවියට පෙර
ගාමිණී අභය
සරණ පාවා ගත්තාලු
හද්දා පිටිසර ගමක
ගොවි දියණිය 
රන් මැණිකා

කිරුලු පැලදූ පසු
දුටු ගැමුණු වූ ඔහු
දෙන්නට බැරිලු 
රන් මැණිකා හට
අග බිසෝ පදවිය
ගොවි කුලේලු ඇය
අහෝ දුටු ගැමුණු,
මෙයද ආදරය??

කරකාර බැන්දාට
ආදරේ නාමයෙන්
දුටු ගැමුණුටත් හිටියාලු
අන්තඃපුර කාන්තාවො
අහෝ දුටු ගැමුණු,
මෙයද ආදරය??

ආදරෙන් වෙලුනු විට
දෙටු පුතා සාලිය
රොඩී ලමිස්සිය
අශෝකමාලා සමග
උරණ උනාලු දුටුගැමුණු
සාලිය පුතු සමග
අහෝ දුටු ගැමුණු,
මෙයද ආදරය??

~සුපුන් සුදාරක~




Thursday, November 5, 2015

සිංහල සින්දු කියූ ගිනි අවියට පෙම් බැදි කිරිල්ලිය

සුභාවිත සංගීතයට සවන් දෙන සියල්ලන්ම පාහේ අහල තියෙන ගීතයක් තමයි ගුණදාස කපුගේ මහත්මයාගෙ "සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලී" කියන ගීතය. රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා අතින් ලිය වුනු මෙම ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ විශාරද ගුණදාස කපුගේ මහත්මයා. 

මේ ගීතයෙන් කියවෙන ආදර අන්දරය මොන වගේ එකක්ද කියලා මගේ හිතේ චිත්ත රූප මැවිලා තිබුනත් ඒ කතාව හරියටම මොකක්ද කියලා දැන ගෙන හිටියේ නෑ. මේ ලගදි සයිබර් අවකශයේ ඉබා ගාතේ සැරි සරමින් ඉද්දි මේ ගීතය රචනා වීමට පසුබිම් වූ කතාව කියවන්න හම්බුනා. 

දවසක් කපුගේ මහත්මයා "සිව්දෙස" කියන සගරාව කියව කියවා ඉද්දි වෙනස් කතාවක් ලග ඇස් දෙක නැවතුනා. එදා සමාජයේ නිතර අසන්නට, දකින්නට නොලැබුනු වෙනස්ම ආකරයේ ප්‍රේම වෘතාන්තයක් නිසා ඔහු බොහොම උනන්දුවෙන් මේක කියෙව්වා. මේ කතාවට කපුගේ මහත්මයාගෙ සිත ඇදිලා ගියා වගේම තම අති ජාත මිත්‍ර රත්න ශ්‍රී විජේසිංහ මහතාටද මෙම කතාව පෙන්වීමට ඔහු අමතක කලේ නෑ.


මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ හද්දා පිටිසර ගමක ජීවත් වූ තරුණියක් වූ "විනීතා සමරසිංහ" පොලිස් සේවයට බැදුනා. ඇයට සේවය කිරීමට සිද්ද වුනේ කිරුලපන පොලිස් ස්ථානයේ. විනීතා හා සමකාලීනවම පොලිස් සේවයට බැදුනු කෙනෙක් තමයි "නඩේෂන්" කියන්නෙ. ඔහුත් සේවය කරේ කිරුලපන පොලිස් ස්ථානයේමයි. 

ටික කාලයක් යද්දි විනීතා සහ නඩේෂන් අතර සමීප මිත්‍රත්වයක් ගොඩ නැගුනා. මේ මිත්‍රත්වය ප්‍රේමයක් බවට පරිවර්තනය වීමට වැඩි කාලයක් ගත වුනේ නෑ. මේ ප්‍රේම පුරානය කෙමෙන් කෙමෙන් දලු ලා වැඩුන අතර නඩේෂන්ට හරි හැටි සිංහල කතා කිරීමට නොහැකි වීමවත් විනීතාට දමිල කතා කිරීමට නොහැකි වීමවත් මේ දෙදෙනාගෙ ආදරයට බාධකයක් වුනේ නෑ.

කාලය ගෙවී යද්දි මේ දෙදෙනාගෙ නිවෙස් වලටත් මේ පෙම් පලහිලව්ව ආරංචි වුනා. නමුත් එම වකවානුවේ තිබූ වාර්ගික ගැටලු සහ සංස්කෘතිකමය හැල හැප්පීම් නිසා මේ දෙදෙනාට දෙමාපියන්ගේ ආශිර්වාදය අහිමි වෙනවා. කෙසේ හෝ මේ සියලු ගැටලු පසෙකින් තබා අවසානයේ මේ දෙදෙනා තමන්ගේම ලෝකයක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් යුග දිවියට පා තබනවා. අලුත් ලෝකයක් වෙත පියවර තැබීම සදහා මොවුන් දෙදෙනාම නඩේෂන්ගේ ගම් පලාත වූ උතුරුකරයට යනවා. 

රත්න ශ්‍රී විජේසිංහ මහතා
මේ ලංකවේ යුදමය තත්වය උග්‍ර වී තිබූ කාලයකි. තමන්ගේම ලෝකයක් තැනීමට සිහින මැවූ විනීතාට සහ නඩේෂන්ට විවිධ බලපෑම් හමුවේ අවසානයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින් සමග එකතු වීමට සිදු වෙනවා. නඩේෂන්  එල්.ටී.ටී.ඊ. පොලිස් අංශයේ නායකයා බවට පත් වෙද්දී විනීතා එහිම ප්‍රභල සාමාජිකාවක් බවට පත් වෙනවා. 

රත්න ශ්‍රී විජේසිංහ මහතාගෙ අතින් ලියැවුනු, ගුණදාස කපුගේ මහතාගේ වර්ණවත් හඩින් ගැයෙන මෙම ගීය ඇසීමට  නඩේෂන්ටවත් විනීතාටවත් හැකියාවක් නොවීය. මක් නිසාද යත් මෙම ගීතය නිර්මාණය වන විට ඔවුන් දෙදෙනාම මෙලොව අතැර ගොස් සිටි නිසාවෙනි.  

"සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
 
තුඩින් හදවතක් අරගෙන
 
ගිනිගත් තල් අරඹට
 
ආවාදෝ ඉගිල්ලී...


 දිව නුහුරු බසින් පෙම් කවි කී
 
කුරුල්ලාට වශී වී
 
ගිනි මලින් තැනූ මල් පොකුරක්
 
අතට ගත්ත මනාලී
 
මධු සමේ මධුර කටු අතරේ
 
පිපී වැනුණ සුරෑපී...


 ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
 
විගඟ සෙනග හඩාවී
 
ඒ කඳුළු සිංහලට නගන්න
 
නුඹට හැකිය ප්‍රියාවී
 
ආදරය නුඹට බාරයි
 
රැක ගනින් දේවතාවී..."




ඉතා දිගු කතාවක් වූ මෙම ප්‍රේම වෘතාන්තය සියයට සියයක්ම අකුරක් නෑරම ගීතයකට ගොනු කල රත්න ශ්‍රී විජෙසිංහ ශුරීන්ගේ අපුර්වතම හැකියාව මෙම ගේය පද පෙල අධ්‍යනය කිරීමේදී මොනවට පැහැදිලි වේ.

මෙම ගීතයේ මා මහත් වශයෙන් ඇලුම් කරන ස්ථාන 3ක් වේ.

ඉන් එකක් නම් "දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී" යන පද පේලියයි. මෙහිදී රචකයා ව්‍යංගාර්ථයෙන් නඩේෂන්ට සිංහල භාෂාව හැසිරවීමේ නොහැකියාව පෙන්නුම් කරයි. 

තවත් එක් ස්ථානයක් නම් "මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී" යන පද පේලියයි. බොහෝ මනාල මනාලියෝ තම මධු සමය ගත කිරීම සදහා විදේශ ගත වෙද්දි නැතහොත් තරු පහේ හෝටල් කාමර වෙන් කර ගනිද්දී විනීතාට හා නඩේෂන්ට කටුක වූ යුද බිය පැතිරුණු පරිසරයක් තුල තම මධු සමය ගත කරන්නට සිදු වූ බව රචකයා මේ හරහා උලුප්පා දක්වයි.          

අනෙක් ස්ථානය නම් "ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනඟ හඬාවී" යන්නා වූ ගේය පද පේලියයි. විවාහ වී වැඩි කලක් නොගොස් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක් වීමට සිදු වූ නඩේෂන්ට හා විනීතාට අනෙක් සාමාන්‍ය පෙම්වතුන් මෙන් එකිනෙකා අතේ වෙලෙමින් පෙම් කරනවා වෙනුවට ගිනි අවි වලට පෙම් කිරීමට සිද්ධ වූ ඒ කටුක සිදුවීම රචකයා මෙම පද පේලිය හරහා එලි දක්වයි. 

අප රටේ පවතින්නා වූ සමාජ ක්‍රමය, යල් පැන ගිය සමහර සංස්කෘතික නියමයන්, සහ හණ මිටි අදහස් තවමත් හිසේ තබාගෙන සිටින්නා වූ අයවලුන් නිසා තවත් නඩේෂන්ලා, විනීතලා කීදෙනෙක් අසරණවෙන්න ඇතිද? තවමත් අසරණ වෙනවා ඇතිද?? 


Monday, November 2, 2015

අවම බලය , යහ පාලනය සහ නිදහස් අධ්‍යාපනය (Minimal Force, Good Governance and Free Education)

සිරි ලංකාවේ පොලීසිය දවසෙන් දවස ජනතා ප්‍රසාදය වැඩි වැඩියෙන් දිනා ගනිමින් සිටිනවාය. වර්තමානයේ ඉන් වැඩිම ජනතා ප්‍රසාදය ලබා ගෙන සිටියේ කොටදෙනියාව පොලිස් ස්ථානයේ මාමලාය. නමුදු දැන් වැඩ බලන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ඩී.අයි.ජී. ගාමිනි මතුරට ඇතුලු කොලඹ ප්‍රදේශයේ පොලිස් මාමලාට ජනතා ප්‍රසාදය ඉතා ඉහලින් ලැබෙමින් පවතිනවාය. 

යට කී පොලිස් නිලධාරීන්ට මෙලෙස ඉහලම ජනතා ප්‍රසාදය හිමි වීමට ප්‍රධනතම හේතුව වන්නේ HNDA සහෝදර සහෝදරියන්ට පොලු මුගුරු ගෙන මිලේඡ්ඡ අන්දමින් හුදී ජන පහන් සංවේගය උපදවා පහර පිට පහර එල්ල කිරීමය. 



HNDA එකට උපාධි මට්ටමේ  පිලිගැනීමක් ඉල්ල ගන්න HNDA කොල්ලෝ කෙල්ලෝ UGC එක ඉස්සරහා විරෝධතාවක් කරේ මාර්ගය තරමක් අවහිර වන අන්දමින්ය යන්න ඇත්තය. මක් නිසාද යත් කොහේවත් තියෙන පිට්ටනියකට ගොස් ඔය කියන්නා වූ විරෝධතාව කරොත් කිසි දිනෙක අපේ පාලක උන්නැහෙලා ඔය කියන ඉල්ලීම් ටික කනකටවත් ගන්නේ නැති නිසාය. කරන්නට දෙයක් නැත. මේ අපේ රටේ හැටිය. සමහරක් මිනිස්සු මේ කොල්ලො කෙල්ලො ටිකට පලු යන්න බනිනවාය. කොච්චර ඉගෙන ගත්තත් මුන්ට මොලෙ නෑ කියනවාය. ඔහොම පාරවල් හරස් කරගෙන අනිත් මිනිස්සුන්ටත් කරදරයක් වෙවී ඉන්නේ ඇයි කියා අහනවාය. ඒ අය හිතන්නේ මේ ගැටලු වලට විසදුම් ඉතා ලේසියෙන් කජු කනවා වාගෙ සුටුස් ගා ලැබෙනවා කියාය. එසේ නැත. අඩන්න ඕනිලු කිරි එරෙන්න. ඉතින් පාලක උන්නැහෙලාට අහෙන්න දැනෙන්න මේ විදිහට විරෝධතා නොකර මේ සිසුන්ට තම අයිතීන් ඉල්ල ගන්නේ කොහොමද කියා ඔය කෑ මොර දෙන වැඩිහිටි උදවිය කියලා දෙනවා නම් වටිනවාය...

මෙහිදී පොලිසියේ ක්‍රියා කලාපය ගැන නම් දෙවරක් නොව කිහිප වරක් සිතන්නට උවමනාය. කදුලු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර වලින් නොනවතී බැටන් පොලු ප්‍රහාරද එල්ලකොට  විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කරාය. ඒක කමක් නෑ කියමුකෝ. නමුදු තඩි පොලු මුගුරු රැගෙන කොල්ලෝ කෙල්ලොන්ගෙ ඔලු පැලෙන්නට තඩි බා ඒ අවම බලය පාවිච්චි කිරීමක් කියා හඩ ගෑම නම් කිසිසේත් අනුමත කරන්නට බැරිය. මා දන්නා පරිදි අවම බලය එය පාවිච්චි කරන පුද්ගලයා අනුව වෙනස් වෙනවාය. එ කියන්නේ ඩිපෙන්ඩබල් ය. යමෙක් වචනයෙන් දමනය කල හැකි නම් ඌට එරෙහිව පොලු මුගුරු ඉස්සීම අවම බලය නොවේ. එකෙක් AK 47 එකක් උස්සන් එනවා නම් ඒකාට එල්ලය බලා ඔලුව කුඩු වෙන්න තිබ්බත් එය අවම බලයක්



නමුත් මෙම සිද්දියේදි වුනේ අවම බලය පාවිච්චි කිරීමක් නොවේ. පොලීසියෙන් නෙලාගෙන එද්දි හිස් ලූ ලූ අත දිවූ, අයුධ තබා අඩු ගනනේ අතේ කුඩයක්වත් නොතිබූ කෙල්ලොන්ගේ ඔලු පැලෙන්නට තඩි පොලු වලින් පහර දීම අවම බලය පාවිච්චි කිරීමක්දැයි දැන ගැනීමට කැමත්තෙමි. 

මෙයට අවම බලය කියා කියනවා නම් උපරිම බලය ගැන කවර කතාද?

එක් මාධ්‍ය හමුවකදී කොලඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිනි මතුරට මහත්තය කිව්වේ ඒ පොල්ලෙන් කාන්තාවන්ට ගැහුවෙ නෑ කියාය. ඒ ඡායාරූපයෙන් පේන්නේ අර අක්කාට එතනින් අයින් වෙන්න කියලා කියන දර්ශනයක් කියාය. ඊට ප්‍රතිචාර සෙනසුරාදා සහ ඉරිදා රෑ හිරු නිවුස් වලින් දුන්නේය. ඒ වීඩියෝ සාක්ශිත් එක්කමය. ඒකෙන් නම් ගමිනි මතුරට මහත්තයාගේ රෙද්ද ගැලවී ගියේය. 



මේ  ඔක්කොම පොලිස් මාමලාට කියන්නට ඇත්තේ එක දෙයකි. 
අද මේ විදිහට අධ්‍යාපන අයිතීන් ඉල්ලා සිටින්නේ අපිට විතරක් නොවේය. මේ සටන හෙට උපදින දරුවට වගේම උබලගෙ දුවලා පුතලා අතුලු මුලු මහත් ශිෂ්‍ය ප්‍රජාවම උදෙසා කරන්නා වූ සටනක් ය. මේ අසාධාරනකම් අද නොසලකා හිටියොත් හෙට උබලගෙ දරුවොත් මේ අසාධාරනකම් වලට ලක් වෙන්නට පුලුවනිය. ඉහලින් එන ඕඩර් නොසලකා ඉන්නට උබලාට බැරි බව අපි දන්නවාය. ඒත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී  ඉහත කී කරුණද සැලකිල්ලට ගැනීම වැගත් වන්නේය කියා මම නම් සිතන්නේ ය.


මෙහිදි යහපාලන රජය ක්‍රියා කල ආකරය ගැනද කතා නොකරම බැරිය. එදා මහ රජතුමාගෙ පාලනාධිකාරියද කරේ විරෝධතා කරමින් තම ඉල්ලීම් ඉල්ලු ශිෂ්‍යන්ට පොලිසිය යොදවා තඩි බෑමය. රනිල්,සිරිසේන මහත්තුරු එකතු වෙලා ගෙනියන යහ පාලන ආණ්ඩුව බලයට ආවේ කලින් වෙච්චි දේවල් ආයේ වෙන්නට දෙන්නේ නෑ කියලාය. එත් ඒ දේම සිද්ධ වුනාය. දැන් යහපාලන ආණ්ඩුවේ උදවිය කියන්නේ පොලිසිය ආණ්ඩුවෙ කිසිදු අයෙකුට නොදන්වා හිතුමතේ ක්‍රියා කර ඇති බවය. එය විහිලුවකි. ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා වගේ එහෙම නම් පොලිසිය භාර ඇමති ඒ කියන්නෙ නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉල්ලා අස් විය යුතුය. මක් නිසාද යත්, අමාත්‍යවරයෙක් ලෙස ඔහු නොදැනුවත්ව මෙවැනි අයුතු ලෙස බලය  භාවිතා කිරීමක් සිදු විය නොහැකිය. එසේ වූයේ නම් එය වගකීම් පැහැර හැරීමක්ය. 


යහපාලන රජය කල තවත් අනුමත කල නොහැකි ක්‍රියාවක් නම් මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ උසස් පොලිස් නිලධාරියෙක් වූ "පූජිත් ජයසුන්දර" මහතා වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීමය. මෙවැන්නක් කිරීම තුලින් මහජනයා තුල රජය පිලිබද පවතින විශ්වාසය පලුදු වී යනවාය. කෙසේ හෝ අවසානයේ පොලිස් කොමිසම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කල ස්වාධීන කමිටු දෙකක් මගින් මෙම සිදුවීමේදී පොලිසිය ක්‍රියා කල ආකාරය පිලිබද වැඩි දුරටත් විමර්ශනය කරනවාය. මහ රජතුමාගෙ ආණ්ඩුව තිබුනේ නම් ඒ ටිකවත් නැතිය. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයෙන් බලාත්මක කල පොලිස් කොමිසම සහ මැතිවරණ කොමිසම බල රහිත කරමින් මහ රජානෝ තම බලය රැක ගනීම සදහා ගෙන ආ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයෙන් ඉහත කී කොමිසම් සියල්ල  අහෝසි වුනාය. එනිසා එදාට වඩා යම් තරමක සාධාරනයක් අද තිබුනා වුවද පොලිස් කොමිසම හරහා සියයට සියයක්ම සාධාරනයක් බලපොරොත්තු වීම මෝල් ගහකින් දලු එන තුරු බලා සිටීමක් වැනිය. 


එදා රාජපක්ෂ ආණ්ඩුව සිසුන්ට සලකපු අයුරු
අද සිරිසේන-වික්‍රමසිංහ ඒකාබද්ධ ආණ්ඩුව සිසුන්ට සලකන අයුරු
HNDA සිසුන්ට පොලිසියෙන් පහර දීමේ සිද්ධියට විරෝධය පල කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල විරෝධතා පවත්වනවාය. 


2015-11-02 දින නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන්  විශ්ව විද්‍යාලය ඉදිරිපිට කල විරෝධතවයේ ඡායාරැප කීපයක්

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව



2015-11-02 දින උසස් තාක්ශණ ආයතනයේ සිසුන් බදුල්ල නගරයේ කල විරෝධතවයේ ඡායාරැප කීපයක්



Protest of ATI-Badulla


Protest of ATI-Badulla

Protest of ATI-Badulla

Protest of ATI-Badulla
යට කී පොලිසියේ ක්‍රියකලාපය දුටු විට නන්දා මාලිනි මහත්මිය ගයනා කරන සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ලියූ පද පෙලක් ඔබ හමුවේ තැබීමට කැමතිය. මෙය මහ රජතුමාගෙ ආණ්ඩුව කාලෙ මෙවැනිම ශිෂ්‍ය විරෝධතාවකට පොලිසියෙන් පහර එල්ල කල අවස්ථාවක රසිකොලොජි බ්ලොග් අඩවියේ (http://rasikalogy.blogspot.com) කොටා තිබුනා මට මතකය. 

"රණ දෙරණේ ගිනි අවි ගත් යුද සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිස ය
යුක්තිය උදෙසා මොර දෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගනුව

ඉලක්කයට ලක්වන විට රුදු මරණයෙ ඉරණම්කරු
බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
වැටුපට මිනිමරණ දනන් නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද කුමට ද නුඹ පළදින තරු?

මානන ගිණි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
අධම කැලතකට අද දින නහර පිනන රස අහරය
උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුද සෙබල සගය
පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය......"


~සනා~