Sunday, January 31, 2016

එදා අතීතයේ රාහුල හිමි විසින් ලක් කාන්තාවන්නේ වරැණ විස්තර කල අයුරැ...
"සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුලු ලුකුල රිය සක යුරැ තිසර තන
දිසිනු ලියෙව් රූසිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙලෙන පමණින් නොවෙති දෙවඟන"
ඇස් පිල්ලම් හෙලන තරමින් පමණක් දෙවඟනුන්ට දෙවැනි වන ඒ ලාංකීය කාන්තාවගේ රෑ සිරි අද ලියැවෙන අයුරැ...
"නුඹ හැඩකාරයි කටකාරයි සොකරි යන්න එපා
පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සුදා
සුරලොව පේන සැප ගාව මා අත් හරිනු එපා
නුඹ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සොඳා"
~අසම්මත වූ ලෝකයේ අසම්මත පෙම~
අඳුරැ කුටියක් තුල
සුමුදු සයනක් මත
ප්‍රේමයේ නාමයෙන්
සේදී ගිය කල පතිවත
අසම්මතය රජ වූ ලොව තුල
ඇය....
සමාජයට පිළිලයක් ලෙස
සලකන අයවලුන්ම
නාවා ගෙට ගත් කල
පිරිමියාගේ සියලු පව්
සේදී යන බව පවසයි...
ඉදින්, 21 වන සියවසේ
නවීන පන්නයේ මිනිසුන් යැයි
උදම් අනනා අයවලුන්ගෙන්
අසන්නට ඇත්තේ....
සමානාත්මතාව යනු මෙයද??
ඔහු තවත් එක් මිනිසෙක් නම්
ඇයද තවත් එක් ගැහැණියක්
නොවන්නේ මන්ද???