රජ පදවියට පෙර
ගාමිණී අභය
සරණ පාවා ගත්තාලු
හද්දා පිටිසර ගමක
ගොවි දියණිය
රන් මැණිකා
කිරුලු පැලදූ පසු
දුටු ගැමුණු වූ ඔහු
දෙන්නට බැරිලු
රන් මැණිකා හට
අග බිසෝ පදවිය
ගොවි කුලේලු ඇය
අහෝ දුටු ගැමුණු,
මෙයද ආදරය??
කරකාර බැන්දාට
ආදරේ නාමයෙන්
දුටු ගැමුණුටත් හිටියාලු
අන්තඃපුර කාන්තාවො
අහෝ දුටු ගැමුණු,
මෙයද ආදරය??
ආදරෙන් වෙලුනු විට
දෙටු පුතා සාලිය
රොඩී ලමිස්සිය
අශෝකමාලා සමග
උරණ උනාලු දුටුගැමුණු
සාලිය පුතු සමග
අහෝ දුටු ගැමුණු,
මෙයද ආදරය??
~සුපුන් සුදාරක~
කවුරුත් එහෙම තමයි. කියන කොට එහෙමයි. කරන කොට මෙහෙමයි.
ReplyDeleteඅද පමණක් නොව එදා රජ දවස පවා මිනිසාගෙ තත්වය මෙසේමයි...
Delete