සැහෙන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ වැදුනේ...
ලියන්නනම් කතා බෝමයි...
විවිධ කතන්දරත් ගොඩයි...
ඒත් වෙලාව තමා සීමත...
කෝම කෝම හරි Time එකත් හදාගෙන පාන්දර මේ ජාමේ පොඩි බ්ලොග් පොස්ට් එකක් ලියන්න තමා idea එක... අද හවසම වැඩේ පටාන් ගත්තා. ඒත් අපි පොඩ්ඩක් අහසේ තරු ගනින්න සැට් වුනානේ. ඔක්කොටම වඩා ඒකත් ආතල් නිසා බ්ලොග් ලිවිල්ල ටිකක් පස්සට දාල ගියා ඒකට. අද කොහොම හරි ලියනවා කියන දැඩි අධිෂ්ඨානය තිබ්බ නිසාම ඒ අධිෂ්ඨානය පෙර දැරි කරගෙන ෆිලුමක් බලන්න තිබ්බ කාලෙත් කැප කරලා ලියන්න පටාන් ගත්ත.
අද පොඩ්ඩක් කතා කරන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය වික්ටර් රත්නායක මහත්තයට ලියලා දුන්න ගීතයක් ගැන. කවුරුත් දන්නවා ඇතිනේ "සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා" කියන ගීතය. ඔය ගීතයේ ගැඹුරින් කියවෙන අදහස ගැන තමා ටිකක් විස්තර කරන්න යන්නේ.

ඒක නිසා මේ ගීතය ගැන ලියන එක පොඩ්ඩක් පස්සට දදා ඉද්දි මගේ හොඳ යාලුවෙක් මෙන්න මේම වදනක් දුන්නා.
"අනියම් ඇසුර කියන්නෙත් love එකක්නේ..."
ඔන්න ඔය වචනෙන් අවා පොඩි ගැම්මක් මේ story එක ලියන්න. තව එකක්. දවසක් හොස්ටල් එකේ සැට් වෙලා කොල්ලෝ ටික ඔය ගීත වල තේරුම් විස්තර කර කර ඉන්නකොට අපේ batch එකේ "හොල්මන්" සහෝදරයා මේ ගැන පොඩි විස්තරයක් කරා. ඒවාට ඌනපුර්නයකුත් එක්ක මං මට හිතෙන විදියට ගීතය ගැන ලියන්නයි හිතන්නේ. ඔන්න ඒනම් ලිව්වා... :D
"සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා..."
Singer: Victor Rathnayaka
Lyric Writer: Premakirthi De Alwis
Music Artist: Dr.Victor rathnayaka
ගීතය ඇසීමට>>
සමහරු නම් කියනවා මේක ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේම ජීවන අත්දැකීමක් කියලා. ඒත් හරියටම ඒමද කියල නම් දන්නේ නෑ. සමහර විට ඇත්ත වෙන්නත් ඇති. මොකද ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේ පළමු විවාහය කැඩිලා දෙවන විවාහයත් කරගන්නවා. ඔය සීන් කෝන් එක මන් හරියටම දන්නේ නෑනේ. ඒක නිසා අපි තෙවන පාර්ශවයක් මේ කතාවට ඈඳා ගමු. ඒ තෙවන පාර්ශවය තමයි රජයේ රැකියාවක් කරන මධ්‍යම පන්තික පුද්ගලයෙක්.

(හොල්මන් එදා ඕක විස්තර කරද්දී අපේ එකෙක් කියනවා "ගෑනු නම් ඔහොම්ම මයි බන්. කවදාවත් විශ්වාස කරන්න බැරි ජාතියක්නේ...") ඇත්තද බොරුද දන්නේ නෑ. පොර තමයි කිව්වේ.
"සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි..."
විවිධ අය විවිධ අදහස් දක්වනවා. ඒත් මට නම් හිතෙන්නේ මේ 1st verse/intro එකේදී කියවෙන්නේ ඒ ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන සිතා සිටි ආකාරය ගැන කියලයි. "ගණඳුරු රෑ - තනිකම නෑ" කියන පදයෙන් මේ ලෝකේ මන් තනි වෙලා නෑ. මගේ ආදරණීය බිරිඳ ඉන්නවා මාත් එක්ක කියන ඔහුගේ හිතේ ඇතිවන සිතුවිලි තමයි මේ හරහා එලි දකින්නේ. කියන පද වලින් වෙනත් කිසිවකු "සොයා එන්න ගනඳුර, තරු නිවලා - මගේ එළිය අද ඔබ පමණි" අවශ්‍ය නෑ මගේ ලෝකය එලිය කරන්න. මගේ ලෝකයේ එකම ආලෝකය ඔබම පමණයි වගේ සිතුවිලි ලස්සනට ගලපලා පද වලට එක් කරලා තියෙනවා.