Wednesday, August 24, 2016

ගිනි පුපුරැ

වරෙන් හනිකට මදෙසට
ගිනි ගත් හද නිවා දැමුමට
ඉඩ දියන් උබ හිමිහිට
ආල ගිනි දැල් පුපුරැ වන්නට

හෙලපන් සීරැවෙන්
ගිනි ගත් ශෘංගාර බැල්මන්
සලපන් හීනියෙන්
ගිනි ගත් මුවින් සිනා කැල්මන්

ලං වෙයන් ඉක්මනින්
රැය උණුහුම් කරවමින්
එක් වෙයන් හෙමි හෙමින්
රාග ගිනි සිළු සසල කරමින්

සීත පවනට රැළි නැගේ
දුහුල් සළු පිළි උබේ
දඟ කරන යුරැ හිතුමතේ
පාද යුග හා සමවැදේ

හසඟනන්ගේ ඇරයුමට
ගිනි ගත් දෙතොල් පෙත්තට
රිසි සේ සැරි සරන්නට
රැයේ උණුහුම විඳින්නට

රැයද අවසන් වී යතේ
ගිනි පුපුරැ නම් අළු වෙතේ
තාලයට රඟ දෙතේ
සුරාන්තය තව දුර ඇතේ

                     - Supun_Sudaraka -


Tuesday, August 16, 2016

"මනුසතා දුටු ගෝනා"

මූ මොකෙක්ද
අමුතු සතෙක්
අපේ කැලේ
රිංගාගෙන
දික් කරගෙන
ගැජට් එකක්
තනි තනියම
හිනා වෙතේ
නොකර කතා
නැතිව සද්ද
ඔහේ හිඳී
මදෙස බලා
Threat එකක්ද
දන්නෙත් නෑ
බජාර් එකේ
කවුරැත් නෑ
බියක් වෙන්ට
කාරි නැතේ
එක සද්දෙන්
රැලම එතේ
දැක්ක ගමං
අමුතු සතා
කලබලයක්
වෙන්න එපා
දුටු විටදිම
සද්ද දමා
ගේම් වලට
යන්ට එප‍ා
කකුල් දෙකේ
අමුතු සතා
භයානකයි
හොඳින් සිතා
ගෝන කුලේ
අපෙ ලොක්කා
කිව්වා දවසක
හඬගා
මතකයි ඒ
වදන් පෙලම
ඒකයි මං
කරබාගෙන
ඒම කියලා
නිකං ඉන්න
හිත දෙන්නෑ
චන්ඩි සිතට
සාමෙට නම්
අපිත් ඒම
යුද්දෙට නම්
ඒත් ඒම
අලුත් මූණ
දකිනා විට
නිකං ඉන්ට
බෑ මට තව
දිව එලියට
කට ඇදකර
ඇක්ෂන් එක
දිය යුතුමය

     ~සුපුන් සුදාරක~


Monday, June 20, 2016

නිහඬ ඇයි සඳ???

නිමිත්ත :- ( පෙම්වතාගේ මළගමට පැමිණි පාසල් පෙම්වතියක්... )

පාසල් අවදිය
සිහිවන නිතරම
කාලය ගත කල
අමතක වෙලාද?

කුලුඳුල් ප්‍රේමය
පුදදුන් ඔබහට
නොයිඳුල් ඒ පෙම
ඔබ මා අතරය

තවත් ලං වී හදට
තබා අතැඟිලි එකට
සඳක් වාගේ වතම
සිප ගත්ත පලමුවර

මතකයිද ඒ සුවඳ
හදට ලංවී තිබුන
වසාගත් නෙත් පියන
හරින්නට බැරිද සඳ

පෙර දින වගේම
සිපගමි නළලත
මතකය ගතවුන
පාරයි හදවත

කඳුලැලි වෑහෙන
පිසදා හරින්න
මින්මතු දිනයක
හැකිවෙද ඔබහට

හැඟුමන් මාහද
පවසයි මා හට
තවමත් මා සඳ
හිඳිතැයි සදහට

        ~සුපුන් සුදාරක~

(ඡායාරූපය බුකියෙනි)


Sunday, June 5, 2016

අපොහොසත් හෙළබස

හිරැ අවරට යන සැඳෑවක
නුවර වැව් තාවුල්ලේ එක
ගල්කුලක් මත හිඳිනා විට
වැව් දියවර රළ මතින් නෙත
යොමා සිටිනා විටෙක ඈතක...

සැඳෑ අඹර සිසාරා නැගී සිටින
ජේතවන හා රන්වැලි සෑ දැක
නිසසල වූ හද සිතුවිලි පොදිය
චංචල කරන්නට මෙන් හමනා
වත කමල සිප ඇදෙන මද නළ...

සුන්දරත්වයන් බෙහෙවින් කැටි වූ
අලංකෘත අනුරපුර සැඳෑව පිළිබඳ
හදට නැගෙනා හැඟීම් සමුදායම
වදනින් විස්තර කෙරැමට තරම්
හෙළබස පොහොසත් නැති සැටියකි...

~සුපුන් සුදාරක~