Sunday, November 29, 2015

ඒකිගේ සෙල්ෆිය

වැඩි කල් නැත මා කියනා සිද්ධියට
යන්නට වුනා මිතුරකු හා මලගෙදර
ආසන්නව රෑ දොලහේ කණිසමට
මිතුරා ගියා ජංගමයෙන් බුකිය වෙත

රෑ දොලහද පසු වී ගිය නිසාවෙන
ඉතිරිය කිහිප දෙනෙකුය මල ගෙදර
සිටිනා විටෙක කැරමක් ගසමින් ඔන්න
දෙවනත් වෙන්න බෙරිහන් දුනි මා මිතුර

ක්ෂණිකව ගියා ඔහු හිදිනා දිශාවට
ඇසුවෙමි උඹට අමු කැවිලද බූරුදෙන
නැත පිලිතුරක් ඔහුගෙන් ලැබුනේ මෙමට
කට ඇරගෙන බලා සිටී ජංගමය දෙස

බැලුවා අතට ගෙන ඔහුගේ ජංගමය
දුටුවා ඒ දසුන මාගේ නෙත් දෙකම
තිගැස්සී ගියා මගෙ මුලු සියොලගම
වෙව්ලන්නට විය මගෙ දෙපා යුවලම

යක්ෂණියක්ය මිතුරාගේ ජංගමයේ
ඇස් දෙක කුඩා විය එය දුටු විගසේ
මහ රෑ මලගෙදර වූ මේ ජරමරයේ
මිනියද තිගැස්සෙයි දුටුවොත් මේ රූපේ

ටික වේලාවකින් අවබෝධෙට ආවේය
බුකියේ දමා තිබුනු සේයාරුවකි එය
පෙනුමෙන් නම් මෝහිනී පරාදය
කෙල්ලෙක් දැමූ චාටර් සෙල්ෆියකි එය

~සුපුන් සුදාරක~


සුද්දිගේ කැමරාව

සොදුරු වලා බර අහස,
ඈතින් දිස් වන කදු පන්ති,
සීගිරි ගල මුදුනට පෙනෙනා වනාන්තර,
කැමරා කාචයට හසු කර ගැනීමට නම්
කදිම දසුන් නොවන්නේද?

එනමුදු,
ඒ සියල්ල පසෙක තබා,
මේ කොරියන් සුද්දිට ඕනිලු
ලංකාවේ කලු යුවතියකගේ
සිරියාවන්ත මුහුණු පොඩිත්ත
කැමරාවට ගන්න...

~සුපුන් සුදාරක~


Wednesday, November 25, 2015

අහෝ දුටු ගැමුණු, මෙයද ආදරය??

රජ පදවියට පෙර
ගාමිණී අභය
සරණ පාවා ගත්තාලු
හද්දා පිටිසර ගමක
ගොවි දියණිය 
රන් මැණිකා

කිරුලු පැලදූ පසු
දුටු ගැමුණු වූ ඔහු
දෙන්නට බැරිලු 
රන් මැණිකා හට
අග බිසෝ පදවිය
ගොවි කුලේලු ඇය
අහෝ දුටු ගැමුණු,
මෙයද ආදරය??

කරකාර බැන්දාට
ආදරේ නාමයෙන්
දුටු ගැමුණුටත් හිටියාලු
අන්තඃපුර කාන්තාවො
අහෝ දුටු ගැමුණු,
මෙයද ආදරය??

ආදරෙන් වෙලුනු විට
දෙටු පුතා සාලිය
රොඩී ලමිස්සිය
අශෝකමාලා සමග
උරණ උනාලු දුටුගැමුණු
සාලිය පුතු සමග
අහෝ දුටු ගැමුණු,
මෙයද ආදරය??

~සුපුන් සුදාරක~




Thursday, November 5, 2015

සිංහල සින්දු කියූ ගිනි අවියට පෙම් බැදි කිරිල්ලිය

සුභාවිත සංගීතයට සවන් දෙන සියල්ලන්ම පාහේ අහල තියෙන ගීතයක් තමයි ගුණදාස කපුගේ මහත්මයාගෙ "සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලී" කියන ගීතය. රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා අතින් ලිය වුනු මෙම ගීතය සංගීතවත් කොට ගායනා කරන්නේ විශාරද ගුණදාස කපුගේ මහත්මයා. 

මේ ගීතයෙන් කියවෙන ආදර අන්දරය මොන වගේ එකක්ද කියලා මගේ හිතේ චිත්ත රූප මැවිලා තිබුනත් ඒ කතාව හරියටම මොකක්ද කියලා දැන ගෙන හිටියේ නෑ. මේ ලගදි සයිබර් අවකශයේ ඉබා ගාතේ සැරි සරමින් ඉද්දි මේ ගීතය රචනා වීමට පසුබිම් වූ කතාව කියවන්න හම්බුනා. 

දවසක් කපුගේ මහත්මයා "සිව්දෙස" කියන සගරාව කියව කියවා ඉද්දි වෙනස් කතාවක් ලග ඇස් දෙක නැවතුනා. එදා සමාජයේ නිතර අසන්නට, දකින්නට නොලැබුනු වෙනස්ම ආකරයේ ප්‍රේම වෘතාන්තයක් නිසා ඔහු බොහොම උනන්දුවෙන් මේක කියෙව්වා. මේ කතාවට කපුගේ මහත්මයාගෙ සිත ඇදිලා ගියා වගේම තම අති ජාත මිත්‍ර රත්න ශ්‍රී විජේසිංහ මහතාටද මෙම කතාව පෙන්වීමට ඔහු අමතක කලේ නෑ.


මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ හද්දා පිටිසර ගමක ජීවත් වූ තරුණියක් වූ "විනීතා සමරසිංහ" පොලිස් සේවයට බැදුනා. ඇයට සේවය කිරීමට සිද්ද වුනේ කිරුලපන පොලිස් ස්ථානයේ. විනීතා හා සමකාලීනවම පොලිස් සේවයට බැදුනු කෙනෙක් තමයි "නඩේෂන්" කියන්නෙ. ඔහුත් සේවය කරේ කිරුලපන පොලිස් ස්ථානයේමයි. 

ටික කාලයක් යද්දි විනීතා සහ නඩේෂන් අතර සමීප මිත්‍රත්වයක් ගොඩ නැගුනා. මේ මිත්‍රත්වය ප්‍රේමයක් බවට පරිවර්තනය වීමට වැඩි කාලයක් ගත වුනේ නෑ. මේ ප්‍රේම පුරානය කෙමෙන් කෙමෙන් දලු ලා වැඩුන අතර නඩේෂන්ට හරි හැටි සිංහල කතා කිරීමට නොහැකි වීමවත් විනීතාට දමිල කතා කිරීමට නොහැකි වීමවත් මේ දෙදෙනාගෙ ආදරයට බාධකයක් වුනේ නෑ.

කාලය ගෙවී යද්දි මේ දෙදෙනාගෙ නිවෙස් වලටත් මේ පෙම් පලහිලව්ව ආරංචි වුනා. නමුත් එම වකවානුවේ තිබූ වාර්ගික ගැටලු සහ සංස්කෘතිකමය හැල හැප්පීම් නිසා මේ දෙදෙනාට දෙමාපියන්ගේ ආශිර්වාදය අහිමි වෙනවා. කෙසේ හෝ මේ සියලු ගැටලු පසෙකින් තබා අවසානයේ මේ දෙදෙනා තමන්ගේම ලෝකයක් නිර්මාණය කර ගැනීමේ අරමුණින් යුග දිවියට පා තබනවා. අලුත් ලෝකයක් වෙත පියවර තැබීම සදහා මොවුන් දෙදෙනාම නඩේෂන්ගේ ගම් පලාත වූ උතුරුකරයට යනවා. 

රත්න ශ්‍රී විජේසිංහ මහතා
මේ ලංකවේ යුදමය තත්වය උග්‍ර වී තිබූ කාලයකි. තමන්ගේම ලෝකයක් තැනීමට සිහින මැවූ විනීතාට සහ නඩේෂන්ට විවිධ බලපෑම් හමුවේ අවසානයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින් සමග එකතු වීමට සිදු වෙනවා. නඩේෂන්  එල්.ටී.ටී.ඊ. පොලිස් අංශයේ නායකයා බවට පත් වෙද්දී විනීතා එහිම ප්‍රභල සාමාජිකාවක් බවට පත් වෙනවා. 

රත්න ශ්‍රී විජේසිංහ මහතාගෙ අතින් ලියැවුනු, ගුණදාස කපුගේ මහතාගේ වර්ණවත් හඩින් ගැයෙන මෙම ගීය ඇසීමට  නඩේෂන්ටවත් විනීතාටවත් හැකියාවක් නොවීය. මක් නිසාද යත් මෙම ගීතය නිර්මාණය වන විට ඔවුන් දෙදෙනාම මෙලොව අතැර ගොස් සිටි නිසාවෙනි.  

"සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී
 
තුඩින් හදවතක් අරගෙන
 
ගිනිගත් තල් අරඹට
 
ආවාදෝ ඉගිල්ලී...


 දිව නුහුරු බසින් පෙම් කවි කී
 
කුරුල්ලාට වශී වී
 
ගිනි මලින් තැනූ මල් පොකුරක්
 
අතට ගත්ත මනාලී
 
මධු සමේ මධුර කටු අතරේ
 
පිපී වැනුණ සුරෑපී...


 ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ
 
විගඟ සෙනග හඩාවී
 
ඒ කඳුළු සිංහලට නගන්න
 
නුඹට හැකිය ප්‍රියාවී
 
ආදරය නුඹට බාරයි
 
රැක ගනින් දේවතාවී..."




ඉතා දිගු කතාවක් වූ මෙම ප්‍රේම වෘතාන්තය සියයට සියයක්ම අකුරක් නෑරම ගීතයකට ගොනු කල රත්න ශ්‍රී විජෙසිංහ ශුරීන්ගේ අපුර්වතම හැකියාව මෙම ගේය පද පෙල අධ්‍යනය කිරීමේදී මොනවට පැහැදිලි වේ.

මෙම ගීතයේ මා මහත් වශයෙන් ඇලුම් කරන ස්ථාන 3ක් වේ.

ඉන් එකක් නම් "දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී" යන පද පේලියයි. මෙහිදී රචකයා ව්‍යංගාර්ථයෙන් නඩේෂන්ට සිංහල භාෂාව හැසිරවීමේ නොහැකියාව පෙන්නුම් කරයි. 

තවත් එක් ස්ථානයක් නම් "මධු සමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී" යන පද පේලියයි. බොහෝ මනාල මනාලියෝ තම මධු සමය ගත කිරීම සදහා විදේශ ගත වෙද්දි නැතහොත් තරු පහේ හෝටල් කාමර වෙන් කර ගනිද්දී විනීතාට හා නඩේෂන්ට කටුක වූ යුද බිය පැතිරුණු පරිසරයක් තුල තම මධු සමය ගත කරන්නට සිදු වූ බව රචකයා මේ හරහා උලුප්පා දක්වයි.          

අනෙක් ස්ථානය නම් "ගිනි අවිත් එක්ක පෙමින් බැඳුන විහඟ සෙනඟ හඬාවී" යන්නා වූ ගේය පද පේලියයි. විවාහ වී වැඩි කලක් නොගොස් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක් වීමට සිදු වූ නඩේෂන්ට හා විනීතාට අනෙක් සාමාන්‍ය පෙම්වතුන් මෙන් එකිනෙකා අතේ වෙලෙමින් පෙම් කරනවා වෙනුවට ගිනි අවි වලට පෙම් කිරීමට සිද්ධ වූ ඒ කටුක සිදුවීම රචකයා මෙම පද පේලිය හරහා එලි දක්වයි. 

අප රටේ පවතින්නා වූ සමාජ ක්‍රමය, යල් පැන ගිය සමහර සංස්කෘතික නියමයන්, සහ හණ මිටි අදහස් තවමත් හිසේ තබාගෙන සිටින්නා වූ අයවලුන් නිසා තවත් නඩේෂන්ලා, විනීතලා කීදෙනෙක් අසරණවෙන්න ඇතිද? තවමත් අසරණ වෙනවා ඇතිද?? 


Monday, November 2, 2015

අවම බලය , යහ පාලනය සහ නිදහස් අධ්‍යාපනය (Minimal Force, Good Governance and Free Education)

සිරි ලංකාවේ පොලීසිය දවසෙන් දවස ජනතා ප්‍රසාදය වැඩි වැඩියෙන් දිනා ගනිමින් සිටිනවාය. වර්තමානයේ ඉන් වැඩිම ජනතා ප්‍රසාදය ලබා ගෙන සිටියේ කොටදෙනියාව පොලිස් ස්ථානයේ මාමලාය. නමුදු දැන් වැඩ බලන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ඩී.අයි.ජී. ගාමිනි මතුරට ඇතුලු කොලඹ ප්‍රදේශයේ පොලිස් මාමලාට ජනතා ප්‍රසාදය ඉතා ඉහලින් ලැබෙමින් පවතිනවාය. 

යට කී පොලිස් නිලධාරීන්ට මෙලෙස ඉහලම ජනතා ප්‍රසාදය හිමි වීමට ප්‍රධනතම හේතුව වන්නේ HNDA සහෝදර සහෝදරියන්ට පොලු මුගුරු ගෙන මිලේඡ්ඡ අන්දමින් හුදී ජන පහන් සංවේගය උපදවා පහර පිට පහර එල්ල කිරීමය. 



HNDA එකට උපාධි මට්ටමේ  පිලිගැනීමක් ඉල්ල ගන්න HNDA කොල්ලෝ කෙල්ලෝ UGC එක ඉස්සරහා විරෝධතාවක් කරේ මාර්ගය තරමක් අවහිර වන අන්දමින්ය යන්න ඇත්තය. මක් නිසාද යත් කොහේවත් තියෙන පිට්ටනියකට ගොස් ඔය කියන්නා වූ විරෝධතාව කරොත් කිසි දිනෙක අපේ පාලක උන්නැහෙලා ඔය කියන ඉල්ලීම් ටික කනකටවත් ගන්නේ නැති නිසාය. කරන්නට දෙයක් නැත. මේ අපේ රටේ හැටිය. සමහරක් මිනිස්සු මේ කොල්ලො කෙල්ලො ටිකට පලු යන්න බනිනවාය. කොච්චර ඉගෙන ගත්තත් මුන්ට මොලෙ නෑ කියනවාය. ඔහොම පාරවල් හරස් කරගෙන අනිත් මිනිස්සුන්ටත් කරදරයක් වෙවී ඉන්නේ ඇයි කියා අහනවාය. ඒ අය හිතන්නේ මේ ගැටලු වලට විසදුම් ඉතා ලේසියෙන් කජු කනවා වාගෙ සුටුස් ගා ලැබෙනවා කියාය. එසේ නැත. අඩන්න ඕනිලු කිරි එරෙන්න. ඉතින් පාලක උන්නැහෙලාට අහෙන්න දැනෙන්න මේ විදිහට විරෝධතා නොකර මේ සිසුන්ට තම අයිතීන් ඉල්ල ගන්නේ කොහොමද කියා ඔය කෑ මොර දෙන වැඩිහිටි උදවිය කියලා දෙනවා නම් වටිනවාය...

මෙහිදී පොලිසියේ ක්‍රියා කලාපය ගැන නම් දෙවරක් නොව කිහිප වරක් සිතන්නට උවමනාය. කදුලු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර වලින් නොනවතී බැටන් පොලු ප්‍රහාරද එල්ලකොට  විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කරාය. ඒක කමක් නෑ කියමුකෝ. නමුදු තඩි පොලු මුගුරු රැගෙන කොල්ලෝ කෙල්ලොන්ගෙ ඔලු පැලෙන්නට තඩි බා ඒ අවම බලය පාවිච්චි කිරීමක් කියා හඩ ගෑම නම් කිසිසේත් අනුමත කරන්නට බැරිය. මා දන්නා පරිදි අවම බලය එය පාවිච්චි කරන පුද්ගලයා අනුව වෙනස් වෙනවාය. එ කියන්නේ ඩිපෙන්ඩබල් ය. යමෙක් වචනයෙන් දමනය කල හැකි නම් ඌට එරෙහිව පොලු මුගුරු ඉස්සීම අවම බලය නොවේ. එකෙක් AK 47 එකක් උස්සන් එනවා නම් ඒකාට එල්ලය බලා ඔලුව කුඩු වෙන්න තිබ්බත් එය අවම බලයක්



නමුත් මෙම සිද්දියේදි වුනේ අවම බලය පාවිච්චි කිරීමක් නොවේ. පොලීසියෙන් නෙලාගෙන එද්දි හිස් ලූ ලූ අත දිවූ, අයුධ තබා අඩු ගනනේ අතේ කුඩයක්වත් නොතිබූ කෙල්ලොන්ගේ ඔලු පැලෙන්නට තඩි පොලු වලින් පහර දීම අවම බලය පාවිච්චි කිරීමක්දැයි දැන ගැනීමට කැමත්තෙමි. 

මෙයට අවම බලය කියා කියනවා නම් උපරිම බලය ගැන කවර කතාද?

එක් මාධ්‍ය හමුවකදී කොලඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිනි මතුරට මහත්තය කිව්වේ ඒ පොල්ලෙන් කාන්තාවන්ට ගැහුවෙ නෑ කියාය. ඒ ඡායාරූපයෙන් පේන්නේ අර අක්කාට එතනින් අයින් වෙන්න කියලා කියන දර්ශනයක් කියාය. ඊට ප්‍රතිචාර සෙනසුරාදා සහ ඉරිදා රෑ හිරු නිවුස් වලින් දුන්නේය. ඒ වීඩියෝ සාක්ශිත් එක්කමය. ඒකෙන් නම් ගමිනි මතුරට මහත්තයාගේ රෙද්ද ගැලවී ගියේය. 



මේ  ඔක්කොම පොලිස් මාමලාට කියන්නට ඇත්තේ එක දෙයකි. 
අද මේ විදිහට අධ්‍යාපන අයිතීන් ඉල්ලා සිටින්නේ අපිට විතරක් නොවේය. මේ සටන හෙට උපදින දරුවට වගේම උබලගෙ දුවලා පුතලා අතුලු මුලු මහත් ශිෂ්‍ය ප්‍රජාවම උදෙසා කරන්නා වූ සටනක් ය. මේ අසාධාරනකම් අද නොසලකා හිටියොත් හෙට උබලගෙ දරුවොත් මේ අසාධාරනකම් වලට ලක් වෙන්නට පුලුවනිය. ඉහලින් එන ඕඩර් නොසලකා ඉන්නට උබලාට බැරි බව අපි දන්නවාය. ඒත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී  ඉහත කී කරුණද සැලකිල්ලට ගැනීම වැගත් වන්නේය කියා මම නම් සිතන්නේ ය.


මෙහිදි යහපාලන රජය ක්‍රියා කල ආකරය ගැනද කතා නොකරම බැරිය. එදා මහ රජතුමාගෙ පාලනාධිකාරියද කරේ විරෝධතා කරමින් තම ඉල්ලීම් ඉල්ලු ශිෂ්‍යන්ට පොලිසිය යොදවා තඩි බෑමය. රනිල්,සිරිසේන මහත්තුරු එකතු වෙලා ගෙනියන යහ පාලන ආණ්ඩුව බලයට ආවේ කලින් වෙච්චි දේවල් ආයේ වෙන්නට දෙන්නේ නෑ කියලාය. එත් ඒ දේම සිද්ධ වුනාය. දැන් යහපාලන ආණ්ඩුවේ උදවිය කියන්නේ පොලිසිය ආණ්ඩුවෙ කිසිදු අයෙකුට නොදන්වා හිතුමතේ ක්‍රියා කර ඇති බවය. එය විහිලුවකි. ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහත්තයා කියනවා වගේ එහෙම නම් පොලිසිය භාර ඇමති ඒ කියන්නෙ නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා ඉල්ලා අස් විය යුතුය. මක් නිසාද යත්, අමාත්‍යවරයෙක් ලෙස ඔහු නොදැනුවත්ව මෙවැනි අයුතු ලෙස බලය  භාවිතා කිරීමක් සිදු විය නොහැකිය. එසේ වූයේ නම් එය වගකීම් පැහැර හැරීමක්ය. 


යහපාලන රජය කල තවත් අනුමත කල නොහැකි ක්‍රියාවක් නම් මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ උසස් පොලිස් නිලධාරියෙක් වූ "පූජිත් ජයසුන්දර" මහතා වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීමය. මෙවැන්නක් කිරීම තුලින් මහජනයා තුල රජය පිලිබද පවතින විශ්වාසය පලුදු වී යනවාය. කෙසේ හෝ අවසානයේ පොලිස් කොමිසම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කල ස්වාධීන කමිටු දෙකක් මගින් මෙම සිදුවීමේදී පොලිසිය ක්‍රියා කල ආකාරය පිලිබද වැඩි දුරටත් විමර්ශනය කරනවාය. මහ රජතුමාගෙ ආණ්ඩුව තිබුනේ නම් ඒ ටිකවත් නැතිය. 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයෙන් බලාත්මක කල පොලිස් කොමිසම සහ මැතිවරණ කොමිසම බල රහිත කරමින් මහ රජානෝ තම බලය රැක ගනීම සදහා ගෙන ආ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝනයෙන් ඉහත කී කොමිසම් සියල්ල  අහෝසි වුනාය. එනිසා එදාට වඩා යම් තරමක සාධාරනයක් අද තිබුනා වුවද පොලිස් කොමිසම හරහා සියයට සියයක්ම සාධාරනයක් බලපොරොත්තු වීම මෝල් ගහකින් දලු එන තුරු බලා සිටීමක් වැනිය. 


එදා රාජපක්ෂ ආණ්ඩුව සිසුන්ට සලකපු අයුරු
අද සිරිසේන-වික්‍රමසිංහ ඒකාබද්ධ ආණ්ඩුව සිසුන්ට සලකන අයුරු
HNDA සිසුන්ට පොලිසියෙන් පහර දීමේ සිද්ධියට විරෝධය පල කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල විරෝධතා පවත්වනවාය. 


2015-11-02 දින නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන්  විශ්ව විද්‍යාලය ඉදිරිපිට කල විරෝධතවයේ ඡායාරැප කීපයක්

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව

නැගෙනහිර විශ්ව විද්‍යාලයීය විරෝධතාව



2015-11-02 දින උසස් තාක්ශණ ආයතනයේ සිසුන් බදුල්ල නගරයේ කල විරෝධතවයේ ඡායාරැප කීපයක්



Protest of ATI-Badulla


Protest of ATI-Badulla

Protest of ATI-Badulla

Protest of ATI-Badulla
යට කී පොලිසියේ ක්‍රියකලාපය දුටු විට නන්දා මාලිනි මහත්මිය ගයනා කරන සුනිල් ආරියරත්න මහාචාර්යතුමා ලියූ පද පෙලක් ඔබ හමුවේ තැබීමට කැමතිය. මෙය මහ රජතුමාගෙ ආණ්ඩුව කාලෙ මෙවැනිම ශිෂ්‍ය විරෝධතාවකට පොලිසියෙන් පහර එල්ල කල අවස්ථාවක රසිකොලොජි බ්ලොග් අඩවියේ (http://rasikalogy.blogspot.com) කොටා තිබුනා මට මතකය. 

"රණ දෙරණේ ගිනි අවි ගත් යුද සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජන පිරිස ය
යුක්තිය උදෙසා මොර දෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගනුව

ඉලක්කයට ලක්වන විට රුදු මරණයෙ ඉරණම්කරු
බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
වැටුපට මිනිමරණ දනන් නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද කුමට ද නුඹ පළදින තරු?

මානන ගිණි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
අධම කැලතකට අද දින නහර පිනන රස අහරය
උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුද සෙබල සගය
පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය......"


~සනා~
      

Monday, October 19, 2015

දුමාට දැනුනු ඇගේ වියෝව

ඔන්න කැම්පස් එකේ හෙට Applied Exam එකත් තියාගෙන අදත් ආවා බ්ලොග් එක පැත්තේ. සින්දුවක් ගැන ලියන්නත් ඕනි. ඒත් සින්දුවට කලින් පොඩි කතාවක් තියෙනවා ලියන්න. මොකද කැම්පස් එකේ එක බත් පත බෙදාගෙන කන මගේ සදාරණීය මිතුරෙක්ගේ ලස්සන(ලස්සන කිව්වට දුඛාන්තයක් තියෙන) love story එකක් තියෙනවා. මට ඒ කතාව අහගෙන ඉද්දි වෙන මොකුත් නෙවෙයි මතක් උනේ. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ  ගීතයක්. ඉස්සෙල්ල කතාව කියවමුකෝ.

දවසක් මායි තව සරසවියේ මිත්‍රයෝ කීපදෙනෙකුයි මහ රෑ සිල්පර කොටන් උඩට වෙලා අහසේ තරු ගණන් කර කර ඉන්න වෙලාවක තමා අපේ කතා නායකයා මේ කතාව පටන් ගත්තේ. මිනිහා පොඩ්ඩක් ගොරෝසු කටහඬක් තියෙන මධ්‍යම පළාතේ කොල්ලෙක්. මේ කතාව ලියන්න ගොඩක් කල් ඉදන් පෙරුම් පුර පුර හිටියේ. ඒත් විවිධ හේතු නිසා ලියාගන්න බැරි වුනා. 


හරි, අපේ කතා නායකයාව "දුමා" කියලා හදුන්වමුකෝ. 

අපේ දුමා ඒ කාලේ ඉදන් ඔය ආදරය කියන දේ සිරාවටම හොදට වින්ද පුද්ගලයෙක්. මේ ප්‍රධාන කතාවට එන්න කලින් මිනිහගේ ඒ අතීතය ගැන පොඩ්ඩක් හාරා අවුස්සන එක වටිනවා. ඉස්කෝලේ යන කාලේ එක්තරා දුමා එක්තරා කෙල්ලෙකුට ආදරය කරා. ඒ ආදරෙත් ලස්සන රස මුසු තැන් එක්ක ගෙවුන උනත් එක පාරටම අර කෙල්ල මුව අත අරිනවා. අපිට තේරෙන විදියට කිව්වොත් බූට් එකක් තිබ්බා. දුමා ඒ සිද්දිය නිසා සැහෙන්න දුක් වුනා. කොහොම හරි කාලයත් එක්ක ඒ දේවල් අමතක වෙලා ගිහිල්ල මිනිහ යන්තමින් හිත හදාගෙන ඉන්නකොට ඒ කියන්නේ කොල්ලා තුන්වෙනි පාර ගණිත අංශයෙන් උසස් පෙළ ලියන කාලේ Agri එකේ සුන්දර මුහුණකට දුමාගේ හිත ගියා. ඔය හිත කියන දේ තනිව හැසිරෙන, දුර ගමන් යන ගුහාවක වාසය කරන(ඒකං චරං, දුරං ගමං...) අමුතුම දෙයක් කියලා බුදු දහමේත් පැහැදිලි කරනවනේ. 
ඇත්තටම කිව්වොත් මුලින්ම ඒ අහිංසක වත කමලට හිත ගියාට මිනිහා ආදරේ කරේ ඒ කෙල්ලගේ අහිංසකකමට සහ ගති ගුණ වලට. 

කොහොම හරි මිනිහ මුට්ටිය එහෙම දාල හෙමින් හෙමින් ඒ කෙල්ලට ලං වෙලා තමන්ගේ හිතේ කැකෑරේමින් තිබ්බ ආදරේ ප්‍රකාශ කරා. වැඩි කලක් යන්න කලින් ඒ කෙල්ලත් අපේ දුමාට ආදරේ කරන්න පටන් ගත්තා. ඉතින් මේ දෙන්නගේ ආදරෙත් ඔය බයිස්කෝප් වල තියෙන තරම්ම romantic නොවුනත් romantic ආදරයක් වුනා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ දෙන්නගේ බැඳීම සැබෑ ආදරක් වුනා. කිසිම ආදර කතාවකට බාධක නැති වෙන්නේ නෑනේ. ඉතින් මේ සුන්දර ආදරයත් ගලාගෙන ගියේ විවිධ බාධක කම් කටොලු අතරින්. කතාවක් තියෙනවනේ ආදරයයි, කැස්සයි දෙකම හංගන්න බෑ කියලා. ඉතිං ඒක නිසාත් විවිධ ප්‍රශ්න වලට මූන දෙන්න සිද්ධ වුනත් ආදරය ගලාගෙන ගියා. 

ඔහොම දවසින් දවස ගෙවිලා යද්දී දෙන්නම සරසවි වරම් ලැබුවා. මං දකින විදිහට මේ ආදර අන්දරයේ Turning Point එක තමයි මේක. මේ දෙන්නම ආවේ "හිරු නැගෙන සරසවිය හෙවත් නැගෙනහිර සරසවියට. ඒ කියන්නේ Eastern University එකට. අර කෙල්ලට නම් ඒක කොහොම දැනුනද කියලා දන්නේ නෑ, හැබැයි අපේ දුමාගේනම් ඉහේ මලක් පිපුන වගේ තමයි ඒ පණිවිඩය දැන ගත්තට පස්සේ. දුමා Science Faculty එකේ. දුමාගේ ප්‍රියම්බිකාව Agriculture එකේ. 

Sunday, October 11, 2015

ආගන්තුකයන්ගේ මධුසමය | The Honeymoon of Strangers

කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තේ ගොඩ වැදුනේ. අද නම් පොඩ්ඩක් වෙනස් කතාවක්  තමා දාන්නේ. අද මගේ යාලුවෙක් එක්ක පොඩි සංවාදයක් ගියා Proposal Marriage ද හොඳ එහෙම නැත්තම් Love Marriage කියලා. ඒ වෙලාවේ තමයි දවසක් අන්තර්ජාලයේ ඉබා ගාතේ ඇවිදිමින් ඉන්නකොට ඇහේ රැදිච්ච මෙන්න මේ කතාව මතක් වුනේ. මගේ මතකයේ හැටියට මේකේ පළමු කර්තෘ මානවක කියලා අයියා කෙනෙක්. ඔන්න එහෙනම් කියවන්නකෝ කතාව...

ආගන්තුකයන්ගේ මධුසමය | The honeymoon of strangers



ඇයට එසේ කිරීමට අයිතියක් තිබුණාදැයි හෝ ඇයගේ අරමුණ කුමක් වීදැයි මුල් හමුවීමේ සිටම මා පෙළන ගැටළුවකි.ඇය ලැබීමට තරම් නොව පැතීමට තරම් වත් රූමත් කමක් එදින මාගෙන් නිරුපණය නොවීමද මට
අකමැති වනමෙන් ඇයගෙන් ඉල්ලා සිටියදීත් ඇය මාවෙත මනාපය පල කිරීමද මාගේ හදවතෙහි ඇය ගැන සැකයක් නැතිනම් අපුලක් හෝ අර්ථකතනයක් දිය නොහැකි එහෙත් දරාගත නොහැකි නොසන්සුන්තාවයක් ඇති කිරීමට සමත් වී යැයි සිතේ.

ඔයාගේ ගෙදරට තව දුරද?

මාගේ සිතුවිලි දාමය බිඳුනේ ඇයගේ පැනයෙනි.අප මෝටර් රථයට නැගී ගතවුණ පැයකුත් හමාරක කාලය තුල අප අතරේ හටගත් මුල්ම සංවාදය එයයි.ඇයගේ කට හඬේ කිසිදු චකිතයක් හෝ නොවීම මා තව තවත් නොසන්සුන් කරවයි.ඇත්තෙන්ම ඇයගේ ඇමතුම ළදරියකගේ ඇමතුමකින් වෙන්කර හඳුනාගත නොහැකි තරම් ලයාන්විතවත් අකර්ශනීයවත් සවන් හරහා හදට එලබේ.නැවත මා නොසන්සුන්තාවයට පත් වන්නේ ඇයට නාදුනන පිරිමින් සමග මුහු වීමට ඇති හැකියාව ගැන හිතෙහි අප්‍රසන්න වූ සැකයක් මතු කරමිනි.

හ්ම්ම්ම්...ටිකක්

එතන මොන වගේද.....මම අහන්නේ වටපිටාව....

අමුතු දෙයක් නෑ. පොඩි ගෙදරක්.... කාමර දෙකක්... පොඩි සාලයක්.. හ්ම්ම්... තව පුංචි කුස්සියක්.. වටේටම තාප්ප .. මට නම් ඕනෑවට වැඩිත් එක්ක...

ෂෝයි.... මම ආසයි පුංචි ගෙවල් වලට... හැබැයි ප්‍රශ්නයක්...

ඇයට නැවතත් පැනයකි.... ඇය ප්‍රශ්න නගන්නේ පාසල් යන දැරියක් සේය.අයත් මාත් අතර වයස පරතරය ඇය දැරියකුත් මා වියපත් මිනිසෙකුත් කර ඇත. ඇය කෝල ලෙස සිනාසෙයි. එම සිනාවේ අරුත සෙවීමට මා දැරූ තැත ඇයට තේරුම් ගිය නිසාවෙන්දෝ ඇයගේ සිනහව තවත් සුන්දර වී ඇත.

කියන්න..මොකක්ද ප්‍රශ්නේ...?

ඇයගේ සිනහව හදවත කළඹයි....

මොකක්ද ප්‍රශ්නේ... එතන හිනා වෙන්න දෙයක් තියනවද... මට පුළුවන් විදියට තමයි මම ඉන්නේ...

ඔහොම කේන්ති ගන්න එපා අයියෝ... ප්‍රශ්නේ තමයි.. හ්ම්ම්ම්... හ්ම්ම්ම්..

කියන්න.....අප්පා......

මා නොසන්සුන් වෙයි... ඇය තවත් සිනාසෙයි....

හ්ම්ම්ම්... දැන් ඔය පොඩි ගෙදර මටත් ඉඩ තියනවද... ළමයෝ....

හ්ම්ම්ම්.....

මැරෙන්න යනවද මනුස්සයෝ.....?

ඈ අවිනීත රියදුරෙකුට දෙස් තබයි. මා තවත් නොසන්සුන් වෙයි. දුම් වැටියක මිහිරි මතක හිත වටා සෙවනැලි නගයි...

----------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඔය ළමයා මේකට නම් කැමති වෙන්නම ඕන. කේන්දරත් හොදටම ගැලපෙනවා. කේන්දර බලන මනුස්සය කිව්වෙත් පාතාගෙන ආව වගේ හඳහන් දෙකක් කියලා.

නින්දෙන් ඇහැරුනේ අම්මාගේ සද්දෙට. ඇයි යකෝ ගෙදර ආවම මිනිහෙකුට නිදහසේ නිදාගන්නවත් විදියක් නෑ. අනිවා කොහේ හරි ඉන්න කස්කුරුප්පුවක් සෙට් කරලා ඇති. මොන දුකක්ද මම මේ තනියෙන් ඉන්න ආතල් එක කඩන්න හදන්නේ. මොකක් හරි පොඩි දෙයක් කාලා හීනියට අඩියක් ගහගෙන සින්දුවක් කියන් ඉන්න එක තරම් ෆන් එකක් තියේද අප්පා මේ ගෑනියෙක් ගත්තම. ඒකි කියන තාලෙට තමයි නටන්න වෙන්නේ ඊට පස්සේ. ඇරත් උදේ ඇහැරුනා ගමන් හිස්බඩටම දුමක් දාන්න පුලුවන්ද ගෑනියෙක් ගත්තම.

හරි හරි අපෝ මම එන්නම්. හැබැයි ඔන්න මට රැවුල කපන්න මේකප් දාන්න කියන්න එපා. මගේ විදියට තමයි මම එන්නේ. ඔය බඩ්ඩ මට කැමති වෙනවනම් එහෙම වෙන්න ඕන මගේ සාමාන්‍ය විදියට නැතුව පියරු බබෙකුට නෙවෙයි. ඔන්න අද බලන්න යන එකී මට කැමති උනොත් ආයේ දෙකක් නෑ මමත් කැමතියි. දැන් කීයටද ඔය මගුලට යන්න තියෙන්නේ. මම ඔය මගුලට ගිහින් එහෙමම ගෙදර යනවා. හෙට උදේම වැඩට යන්න ඕනෑ.

මම මගේ සුපුරුදු කොන්දේසි ලැයිස්තුව අම්මට දැම්මා. මම අත්දැකීමෙන්ම දන්නවා රැවුල කපන්නේ නැතුව කොන්ඩෙත් අවුල් කර ගත්තම මගේ මුණට එන වලස්ත පෙනුමට සිහිකල්පනාව නැති උනත් ඇස්දෙක පේන ගෑනියෙක් නම් කැමති වෙන්නේ නෑ කියලා. හෙට නිවාඩු උනත් කෙප්පයක් කෙලලා කලින්ම ගෙදරින් මාරු වෙන්න හැදුවේ මේ කසාද සීන් එපා වෙච්ච නිසා...

උඹට කියන කට හොඳයි බිම උලා ගන්න එක. ටිකක් දුරයි දැන්ම නාල ලෑස්තිවෙන්න...

----------------------------------------------------------------------------------------------------------------------------------------------------

ඔයා උයනවද?

ඇයට නැවතත් පැනයකි. එයද සිත අතරමං කරන සිනහවක් මැදින්ය. නැවත මා නොසන්සුන් වෙයි.

ඔව්.... සමහර දවසට...

මම හිස් ලෙස පිළිතුරු දෙමි. ඇය නොනවත්වා සිනාසෙයි. වරක් දුටු විට තව වරක් නොව සිය වාරයක් බැලීමට සිත්දෙන ඇයගේ වතේ කෝමල රේඛා සිත කුල්මත් කරයි. ඇයගේ සුන්දරත්වය පරිහරණය කිරීමට මම නීතියෙන් අවසර ලබා ඇත. එහෙත් නැවත මා නොසන්සුන්ය. පැරණි එහෙත් මා ප්‍රියකරන ගීතයක් නොදැනීම මිමිනෙයි. "මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ළඳුනේ මට විතරද ♪♫"

ශෝක්.. ශෝක්.. මම ආසයි උයන්න.. ඉතින් තව දුරද කියන්නකෝ.. අපි පොඩ්ඩක් නැවතිලා යන්ද.. මට විකාරයි වගේ අද සිද්ධ වෙච්ච දේවල් නිසා...

නැවතත් ඇය දොඩමළු වෙයි. නාදුනන මිනිසෙකු සමග හුරතල් වීමට හැකි ගැහැනියට මා දිවයුතු අර්ථකථනය කුමක්ද?

----------------------------------------------------------------------------------------------------------------------------------------------------

තාත්තා දිගින් දිගටම අහගෙන ආපු මග විස්තරත් එක්ක අපේ වාහනේ නැවතුනේ බන්ධනාගාරේ තාප්පේ විතර එකකට දාපු පතරංග ගේට්ටුවක් ගාව.

කිව්ව විදියට නම් මෙතන තමයි තැන.


Thursday, September 17, 2015

"සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා..."

ආයුබෝවන්ඩ.... හම්මේ ඉතිං...!!!
සැහෙන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ වැදුනේ...

ලියන්නනම් කතා බෝමයි... 
විවිධ කතන්දරත් ගොඩයි...
ඒත් වෙලාව තමා සීමත...

කෝම කෝම හරි Time එකත් හදාගෙන පාන්දර මේ ජාමේ පොඩි බ්ලොග් පොස්ට් එකක් ලියන්න තමා idea එක... අද හවසම වැඩේ පටාන් ගත්තා. ඒත් අපි පොඩ්ඩක් අහසේ තරු ගනින්න සැට් වුනානේ. ඔක්කොටම වඩා ඒකත් ආතල් නිසා බ්ලොග් ලිවිල්ල ටිකක් පස්සට දාල ගියා ඒකට. අද කොහොම හරි ලියනවා කියන දැඩි අධිෂ්ඨානය තිබ්බ නිසාම ඒ අධිෂ්ඨානය පෙර දැරි කරගෙන ෆිලුමක් බලන්න තිබ්බ කාලෙත් කැප කරලා ලියන්න පටාන් ගත්ත.

අද පොඩ්ඩක් කතා කරන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය වික්ටර් රත්නායක මහත්තයට ලියලා දුන්න ගීතයක් ගැන. කවුරුත් දන්නවා ඇතිනේ "සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා" කියන ගීතය. ඔය ගීතයේ ගැඹුරින් කියවෙන අදහස ගැන තමා ටිකක් විස්තර කරන්න යන්නේ. 

මේ ගීතය ගැන ලියන්න හිතිලා නම් ගොඩක් කල්. ඒත් මේකෙන් කියවෙන්නේ සමාජයේ මිනිස්සු වැඩිය කතා කරන්න කැමති නැති එක්තරා සමාජ විරෝධී ක්‍රියාවක් ගැන. බර වචන ඕනි නෑනේ. කෙටියෙන් කිව්වොත් මේ ගීතයේ කියවෙන්නේ තමන්ගේ බිරිඳ අසල්වාසී පුද්ගලයෙක් එක්ක පවත්වන අනියම් ඇසුරක් ගැන දැන ගන්න ස්වාමි පුරුෂයාගේ හැගීම් සමුදායක් ගැන...

ඒක  නිසා මේ ගීතය ගැන ලියන එක පොඩ්ඩක් පස්සට දදා ඉද්දි මගේ හොඳ යාලුවෙක් මෙන්න මේම වදනක් දුන්නා. 
"අනියම් ඇසුර කියන්නෙත් love එකක්නේ..." 
ඔන්න ඔය වචනෙන් අවා පොඩි ගැම්මක් මේ story එක ලියන්න. තව එකක්. දවසක් හොස්ටල් එකේ සැට් වෙලා කොල්ලෝ ටික ඔය ගීත වල තේරුම් විස්තර කර කර ඉන්නකොට අපේ batch එකේ "හොල්මන්" සහෝදරයා මේ ගැන පොඩි විස්තරයක් කරා. ඒවාට ඌනපුර්නයකුත් එක්ක මං මට හිතෙන විදියට ගීතය ගැන  ලියන්නයි හිතන්නේ. ඔන්න ඒනම් ලිව්වා... :D 

"සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ 
සොයා එන්න ගණඳුර තරු නිවලා 
මගේ එළිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ 
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු 
අසල්වාසියෙකු සොයනු දැනේ 

මා නැත අන් සතු සිත් බිඳලා 
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු 
රහස් අහස් තලයට පවරා..."

Singer: Victor Rathnayaka
Lyric Writer: Premakirthi De Alwis 
Music Artist: Dr.Victor rathnayaka 

ගීතය ඇසීමට>>

සමහරු නම් කියනවා මේක ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේම ජීවන අත්දැකීමක් කියලා. ඒත් හරියටම ඒමද කියල නම් දන්නේ නෑ. සමහර විට ඇත්ත වෙන්නත් ඇති. මොකද ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේ පළමු විවාහය කැඩිලා දෙවන විවාහයත් කරගන්නවා. ඔය සීන් කෝන් එක මන් හරියටම දන්නේ නෑනේ. ඒක නිසා අපි තෙවන පාර්ශවයක් මේ කතාවට ඈඳා ගමු. ඒ තෙවන පාර්ශවය තමයි රජයේ රැකියාවක් කරන මධ්‍යම පන්තික පුද්ගලයෙක්. 
මිනිහා කසාදයක් ඒම බැදලා සාමාන්‍ය අයුරින් සන්තෝසෙන් ඉන්න කෙනෙක්. ඔය ඉතින් රස්සා කරනකොට සමහර දවස් වලට ටිකක් රෑ වෙනකන් වැඩ තියෙනවනේ. ඔන්න ඔහොම ටිකක් රෑ වෙනකන් වැඩ කරපු මේ අපේ කතා නායකයා  එනවා නිවසට. එදා හොඳට හඳ පායලා, වටපිටාව ආලෝකමත් වෙලා තිබුණු ඉතාමත් සුන්දර රාත්‍රියක්. නමුත් තමන්ගේ නිවස ලගට යද්දී අර ගස් අතරින් වැටෙන කුඩා සඳ එලිය ඔස්සේ ඔහුට පේනවා තමන්ගේ බිරිඳ අසල්වාසී පුද්ගලයෙකුගේ තුරුලේ අනියම් පෙම් පහස විදිනවා. මේ පුද්ගලයාට හිතා ගන්නවත් බෑ මේ සිදුවෙන දේ ගැන. ඔහු සිතා සිටියේ තමන්ගේ බිරිඳ ඉතා නිහතමානී, තමන්ට බෙහෙවින් ආදරය කරන තැනැත්තියක කියායි...
(හොල්මන් එදා ඕක විස්තර කරද්දී අපේ එකෙක් කියනවා "ගෑනු නම් ඔහොම්ම මයි බන්. කවදාවත් විශ්වාස කරන්න බැරි ජාතියක්නේ...") ඇත්තද බොරුද දන්නේ නෑ. පොර තමයි කිව්වේ.    

"සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
 ගණඳුරු රෑ - තනිකම නෑ 
 සොයා එන්න ගණඳුර තරු නිවලා 
 මගේ එළිය අද ඔබ පමණි..."

විවිධ අය විවිධ අදහස් දක්වනවා. ඒත් මට නම් හිතෙන්නේ මේ 1st verse/intro එකේදී කියවෙන්නේ ඒ ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන සිතා සිටි ආකාරය ගැන කියලයි. "ගණඳුරු රෑ - තනිකම නෑ" කියන පදයෙන් මේ ලෝකේ මන් තනි වෙලා නෑ. මගේ ආදරණීය බිරිඳ ඉන්නවා මාත් එක්ක කියන ඔහුගේ හිතේ ඇතිවන සිතුවිලි තමයි මේ හරහා එලි දකින්නේ. කියන පද වලින් වෙනත් කිසිවකු "සොයා එන්න ගනඳුර, තරු නිවලා - මගේ එළිය අද ඔබ පමණි" අවශ්‍ය නෑ මගේ ලෝකය එලිය කරන්න. මගේ ලෝකයේ එකම ආලෝකය ඔබම පමණයි වගේ සිතුවිලි ලස්සනට ගලපලා පද වලට එක් කරලා තියෙනවා.

Tuesday, August 25, 2015

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා

ගෙට එන්න පෙර කළ කී කතා
උඩුගම් බලා ගියෙදෝ මෙදා //
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්...

අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ //
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්...

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගීතය ඇසීමට>>

මේ ගීතය නම් මට එච්චරම හුරු පුරුදු ගීතයක් නෙවෙයි. ගීතය අහලා තිබුනට ඒක එච්චරම Feel වෙලා තිබුනේ නෑ. ඒත් මේක ගැන ලියන්න කියලා ලැබුන ආරාධනාවක් නිසා මේක ගැනත් ලියන්න  හිතුවා. මේ ගීතය ගැන පොඩි විචාරයක් ලියන්න කියලා මට ආරාධනා කලේ උදිත ඉසංක(බූටෑවා) සහෝදරයා. ඒ ආරාධනයට ඔහුට ස්තුතිය පුද කරන ගමන්ම මට දැනෙන විදිහට මේ ගීතය කොහොම එකක්ද කියල බලමු. මට නම් මේකේ පද වලටත් වඩා Melody එක (තනුව) තමා හිතට ඇල්ලුවේ.

මේ ගීතය මුලික ව ලියවෙලා තියෙන්නේ සඳ කිඳුරු ජාතකය ඇසුරු කරගෙන. මට දැනෙන විදිහට මේකෙදි කියවෙන්නේ එක්තරා ආදරයක් විවාහයකින් කෙලවර වෙලා පසුව විවිධ හේතු නිසා ඒ විවාහය දෙදරා යන කතාවක්. ඒ අවස්ථාවේ සැමියාගේ හදවතේ ඇතිවෙන හැගීම් සමුදාය පද වලට කැටි කරලා ගීතයක් ලෙසින් එලි දකිනවා. ඒ විදිහට ඇතිවන හැගීම් අසන්නාට හොදින් වැටහීමට සඳ කිඳුරු ජාතකයෙන් මනා අයුරින් උපමා යොදාගෙන පද වලට එක් කරලා තියෙනවා. 

"චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
 නුඹ පෙම් බැඳන් මට ළං වුණා
 පෙම් බැඳන් ආ කින්නරාවී
 මගෙ ළඟින් හිඳ වෙන් වුණා"

"සඳකිඳුරු ජාතකයේ කිදුරිය වගේ මං තරුණ කාලෙදි ඔයා මට ආදරය කරමින් මට ලං වුනා. එලෙස ලංවෙලා ප්‍රේමයෙන් මුසපත් වෙලා ඉතා හොඳින් අපි කාලය ගත කළා. අවසානයේ අපිට විවාහ වෙලා එක වහලක් යටට එන්නත් පුළුවන් වුනා. ඒත්..... විවාහයෙන් ටික කාලෙකට පස්සේ ඔය වෙනස් වුනා. අන්තිමට, මගේ ලගින්ම හිටිය ඔයා මගෙන් වෙන්වෙලා ගියා..." 
මේ මුල් පද වලදී රචකයා පවසන්නේ තම සොදුරිය වෙන්වෙලා ගියා කියලා විතරයි. ඔහුව තනිකර වෙනතක යාමක්ද, එහෙමත් නැතිනම් ඔහුගේ බිරිද මිය ගියාද නැතිනම් වෙනත් යමක් සිදු වුනාද කියන තවමත් රහසක්. රචකයා ඉදිරියේදී ඒ ගැන පවසාවි... 

"ගෙට එන්න පෙර කළ කී කතා
 උඩුගම් බලා ගියෙදෝ මෙදා //
 විස හී සරේ පපුවට හෙලා
 නුඹ නාටකේ වෙනසක් කළා"

"අපි ආදරය කරපු දවස් වල අපි කල දේවල්, කියූ කතා, අපේ අනාගතය ගැන අපි පැතු පැතුම් උඩුගං බලා ගිහිල්ලද? ඒවා ඔක්කොම ඔයාට අමතක වෙලාද?" කියලා සැමියා ප්‍රශ්න කරනවා. ඔන්න මේ පද වලින් නම් මේ දෙන්නගේ විරසකයට හේතුව හොයාගන්න පුළුවන්. 
  
"විස හී සරේ පපුවට හෙලා
 නුඹ නාටකේ වෙනසක් කළා"

මෙතැනදී මටත් නිරාකනය කර ගන්න බැරි අදහස් දෙකක් තියනවා. එකක් මේකෙදි විස හීසරේ කියලා කියන්නේ අනියම් සම්බන්ධයක් වෙන්නත් පුළුවන්. අනිත් එක සැමියාව අතහැරලා බිරිද ගිය නිසා ඔහුට ඇතිවෙන දුක මේ විදිහට විස හීසරේ කියල අදහස් වෙනවා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ දෙකෙන් මොකක් වුනත් ඒක ඔහුගේ හදවතට හොදින්ම දැනෙනවා. එක තමයි රචකයා කියන්නේ "විස හී සරේ පපුවට හෙලා" කියලා. 
ඊලගට "නුඹ නාටකේ වෙනසක් කළා" කියන පද පේලිය කෙලින්ම සඳකිඳුරු ජාතකයට සම්බන්ධයි. සඳකිඳුරු ජාතකය කියවල තියෙන අය නැත්නම් ඒ කතාව අහල තියෙන අය දන්නවනේ කතාව. 
කෙටියෙන් මේකයි කතාව. "රජෙක් යනවා කැලේට දඩයමේ. සදකිදුරයි කිදුරියි පාඩුවේ පෙමින් වෙලී ඉද්දි රජා දකිනවා මේ දෙන්නව. රජාට පොඩි ආසාවක් ඇතිවෙනවා සදකිදුරි ගැන. දඩයමේ යද්දී අත් දෙක වන වනා යන්නෙත් නෑනේ. දුන්නයි ඊතලෙයි තිබ්බා. ඊතලේට හොද විසක් ඒම ගාලා තමා තිබ්බේ. ඉතිං සදකිදුරි අයිති කරගැනීමේ අටියෙන් විද්දා සදකිදුරට. Bla Bla Bla...."
ඕකෙදි  ඔය විස හීය විද්දේ රජානේ. ඒත් ගීතයේ කියන විදිහට බිරිද තමා මේ හීය විදින්නේ. එතකොට ජාතකයේ කතාවට වඩා මේ කතාව වෙනස්නේ. ඒ නිසා තමා රචකයා කියන්නේ "නුඹ නාටකේ වෙසක් කලා" කියලා.



"අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ //
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ"

තවත් දෙයක් මේ අවසාන පද කීපයේදී රචකයා පවසනවා. "අත දරුවො" කියන වචනය  යොදාගෙන රචකයා මේ බිරිද සැමියාගෙන් වෙන් වෙන්න කලින් ඔවුන්ට කුඩා දරුවෙක් ඉදල තියෙනවා කියන පණිවිඩය දෙනවා. මේ අසරණ දරු පැටියාත් තනි කරලා තමා මේ බිරිද යන්නේ. මේ තනිවුනු සැමියා කියනවා "මේ කුඩා දරුවාත් එක්ක තනියම ජීවිතය කියන මහා ගිරිදඹ තරණය කරන්න නෙවෙයි මං බලාපොරොත්තු වුනේ. ඇයට පෙම් කලේ ඇයත් එක්ක එකතු වෙලා ආදරය සතුට පිරුණු කුටුම්භයක් සහ ජීවිතයක් ගෙවන්න තමයි මං බලාපොරොත්තු වුනේ."

කළු කාසියට හදවත් වැසේ කියන පදය හරහා හරියටම අර්ථවත් වෙන්නේ මොකක්ද කියල නම් මට හිතා ගන්න අමාරුයි. ඒත් මට හිතෙන විදිහට රචකයා කියන්නේ සල්ලි හමුවේ හැමෝගෙම වගේ හදවත වෙනස් වෙනවා කියලා. මේකේ බරණැස් පුරය කියල අදහස් වෙන්නේ අපි ජීවත් වෙන සමාජය නැත්තම් ලෝකය වෙන්න ඕනි. 
ඉතිං සැමියා බිරිදගෙන් අහනවා  මෙහෙම . "එහෙම මුදල් හා බලය හමුවේ වෙනස් නොවන හදවතක් සොයා ගැනීමට අපහසු බව දැන දැනත් එහෙම වෙනස් නොවෙන හදවතක් ඔබ තවමත් සොයනවද?"
                                                                                              ~සනා~