සැහෙන්න කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ගොඩ වැදුනේ...
ලියන්නනම් කතා බෝමයි...
විවිධ කතන්දරත් ගොඩයි...
ඒත් වෙලාව තමා සීමත...
කෝම කෝම හරි Time එකත් හදාගෙන පාන්දර මේ ජාමේ පොඩි බ්ලොග් පොස්ට් එකක් ලියන්න තමා idea එක... අද හවසම වැඩේ පටාන් ගත්තා. ඒත් අපි පොඩ්ඩක් අහසේ තරු ගනින්න සැට් වුනානේ. ඔක්කොටම වඩා ඒකත් ආතල් නිසා බ්ලොග් ලිවිල්ල ටිකක් පස්සට දාල ගියා ඒකට. අද කොහොම හරි ලියනවා කියන දැඩි අධිෂ්ඨානය තිබ්බ නිසාම ඒ අධිෂ්ඨානය පෙර දැරි කරගෙන ෆිලුමක් බලන්න තිබ්බ කාලෙත් කැප කරලා ලියන්න පටාන් ගත්ත.
අද පොඩ්ඩක් කතා කරන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තය වික්ටර් රත්නායක මහත්තයට ලියලා දුන්න ගීතයක් ගැන. කවුරුත් දන්නවා ඇතිනේ "සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා" කියන ගීතය. ඔය ගීතයේ ගැඹුරින් කියවෙන අදහස ගැන තමා ටිකක් විස්තර කරන්න යන්නේ.

ඒක නිසා මේ ගීතය ගැන ලියන එක පොඩ්ඩක් පස්සට දදා ඉද්දි මගේ හොඳ යාලුවෙක් මෙන්න මේම වදනක් දුන්නා.
"අනියම් ඇසුර කියන්නෙත් love එකක්නේ..."
ඔන්න ඔය වචනෙන් අවා පොඩි ගැම්මක් මේ story එක ලියන්න. තව එකක්. දවසක් හොස්ටල් එකේ සැට් වෙලා කොල්ලෝ ටික ඔය ගීත වල තේරුම් විස්තර කර කර ඉන්නකොට අපේ batch එකේ "හොල්මන්" සහෝදරයා මේ ගැන පොඩි විස්තරයක් කරා. ඒවාට ඌනපුර්නයකුත් එක්ක මං මට හිතෙන විදියට ගීතය ගැන ලියන්නයි හිතන්නේ. ඔන්න ඒනම් ලිව්වා... :D
"සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි
ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ
මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා..."
Singer: Victor Rathnayaka
Lyric Writer: Premakirthi De Alwis
Music Artist: Dr.Victor rathnayaka
ගීතය ඇසීමට>>
සමහරු නම් කියනවා මේක ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේම ජීවන අත්දැකීමක් කියලා. ඒත් හරියටම ඒමද කියල නම් දන්නේ නෑ. සමහර විට ඇත්ත වෙන්නත් ඇති. මොකද ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේ පළමු විවාහය කැඩිලා දෙවන විවාහයත් කරගන්නවා. ඔය සීන් කෝන් එක මන් හරියටම දන්නේ නෑනේ. ඒක නිසා අපි තෙවන පාර්ශවයක් මේ කතාවට ඈඳා ගමු. ඒ තෙවන පාර්ශවය තමයි රජයේ රැකියාවක් කරන මධ්‍යම පන්තික පුද්ගලයෙක්.

(හොල්මන් එදා ඕක විස්තර කරද්දී අපේ එකෙක් කියනවා "ගෑනු නම් ඔහොම්ම මයි බන්. කවදාවත් විශ්වාස කරන්න බැරි ජාතියක්නේ...") ඇත්තද බොරුද දන්නේ නෑ. පොර තමයි කිව්වේ.
"සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි..."
විවිධ අය විවිධ අදහස් දක්වනවා. ඒත් මට නම් හිතෙන්නේ මේ 1st verse/intro එකේදී කියවෙන්නේ ඒ ස්වාමියා තමන්ගේ බිරිඳ ගැන සිතා සිටි ආකාරය ගැන කියලයි. "ගණඳුරු රෑ - තනිකම නෑ" කියන පදයෙන් මේ ලෝකේ මන් තනි වෙලා නෑ. මගේ ආදරණීය බිරිඳ ඉන්නවා මාත් එක්ක කියන ඔහුගේ හිතේ ඇතිවන සිතුවිලි තමයි මේ හරහා එලි දකින්නේ. කියන පද වලින් වෙනත් කිසිවකු "සොයා එන්න ගනඳුර, තරු නිවලා - මගේ එළිය අද ඔබ පමණි" අවශ්‍ය නෑ මගේ ලෝකය එලිය කරන්න. මගේ ලෝකයේ එකම ආලෝකය ඔබම පමණයි වගේ සිතුවිලි ලස්සනට ගලපලා පද වලට එක් කරලා තියෙනවා.
"ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ"

"ජීවිතයම සතු එකම සුවේ - හී සර පහරක වෙළෙනු පෙනේ..."
ඔහුගේ ජීවිතයේ එකම සුවය ලෙස ඔහු සැලකුවේ තමන්ගේ බිරිඳ. ඒ වගේම හී සර පහර කියලා මේ අසල්වාසී පිටස්තර පුද්ගලයව. ඒ කියන්නේ තම බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමග සෙනෙහසේ රස තැන් සොයා යනවා මොහු දකිනවා. (ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ අපේ සෑර් කෙනෙක් කිව්වේ ඕකට "රති ක්‍රීඩාව" කියලා.)
ඔහු මෙම සිදුවීම කෙලින්ම එලි දක්වන්නේ නැතුව සුදුසු උපමා දෙකක් යොදාගෙන තම බිරිඳ තමන්ගේ පරම සුවය ලෙස සහ අසල්වැසියා හීසර පහරක් ලෙස අර්ථවත් කරමින් "ජීවිතයම සතු එකම සුවේ හී - සර පහරක වෙළෙනු පෙනේ" කියන පද හරහා මේ කතාව අසන්නාට ගම්‍ය වීමට සලස්වනවා.
"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු - අසල්වාසියෙකු සොයනු දැනේ"
මේ ලෝකයේ මගේ යයි සිතාගෙන සිටි ඇගේ ඇස් දෙක හොයන්නේ මාව නෙවෙයි. ඇයගේ ඇස් දෙක සොයන්න වෙහෙසෙන්නේ, බලන්නට සැරසෙන්නේ වෙනත් අසල්වැසියෙක් දිහා.
"මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා..."
"මා නැත අන් සතු සිත් බිඳලා - දෑතම බැඳගෙන හිඳිමි බලා"
මං කාගේවත් හිතක් බිඳලා නෑ. වෙනත් කාන්තාවන් ඇසුරු කරලා නෑ. අස්ථීර වූ ස්ත්‍රී රුපය පසුපස හඹා ගිහිල්ලා නෑ. නමුත් මෙවැනි අවස්ථාවක මා අසරණයි. මා හට කිසිවක් කල නොහැක. මෙලෙස සිතුවිලි සයුරේ ගිලෙන මේ ස්වාමියා මේ සිදුවීම දෙස කඳුලින් පිරි දෙනෙත් යුග යොමාගෙන දෑත් එකට බැඳගෙන බලාගෙන ඉන්නවා.
"මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු - රහස් අහස් තලයට පවරා"
අවසානයේ මේ පුද්ගලයා තීරණය කරනවා තම බිරිඳ හැර යාමට.ඒ කියන්නේ divorce වෙන්න. ඒත් මේ සිදුවීම වෙන කවුරුත් දැනගන්නවාට කැමතිත් නෑ. මක් නිසාද යත් මොහු කීර්තිමත් රජයේ සේවකයෙක්. මොහු කැමති නෑ මෙම සිදුවීම නිසා ඔවුන් වෙන් වුනත් එනිසා ඔහුගේ කීර්ති නාමයට හානියක් කර ගන්න. ඒක නිසා මොහු තීරණය කරනවා මේ සියලු කතන්දර රහසක් සේ තබාගෙන ඒ රහස් මේ සඳ එලිය පිරි ඝන අන්ධකාර අහස්තලයට විසි කරලා වෙන්වී යන්න.

මේ සමාජයේ අද ඉන්න ගොඩක් මිනිස්සු මේ වගේ දෙයක් දැක්කොත් ගන්නවා කැත්ත, මැන්නේ, පිහිය, පොරව, අඩු ගානේ මෝල් ගහ. එකල්ල ගිහිල්ල කෙලිනවා ඉස්ම යන්න අරුන් දෙන්නට. පස්සේ උන් දෙන්නා වලේ. මේකා හිරේ.
ඉතින් ඒ වගේ බොළඳ මානසිකත්වයකින් ඉන්න අපේ රටේ මිනිස්සුන්ට හොඳ උපදෙස් ටිකකුත් මේ ගීතය හරහා ලැබෙනවා.
No comments:
Post a Comment