අපේ රටේ මෙතෙක් කලකට බිහි වුනු විශිෂ්ඨතම ගී පද රචකයෙකු ලෙස ප්‍රේමකීර්ති ද අල්විස් මහතා හදුන්වන්න පුළුවන්. ඒ වගේම ක්ෂණයකින් තත්පර කීපයක් තුල ගීතයක් ලියා නිම කිරීමට තරම් හැකියාවක් ඔහු සතු වුන බව ඔහුගේ සමකාලීනයන් පවසනවා. ඔහුගේ ජීවිතේ ඉතා රසබර සිදුවීම් ගොඩක් තියෙනවා. ඒවගෙන් බොහොමයකට මධුවිතත් සම්බන්ධයි.
දැන් කියන්න යන්නේ ඒ විදිහම රසබර සිදුවීමක් ඔස්සේ නිර්මාණය වුනු ගීතයක පසුබිමේ තියෙන අප්‍රකට කතාවක්.
ප්‍රියා සුරියසේන මහත්තය ගයනා කරන ලස්සන ගීතයක් තමයි "හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතු වේ" කියන ගීතය. මේ ගීතය රචනා කරන්නේ ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා.


ඔය කාලේ ප්‍රේමකීර්ති මහත්තයා ලගින්ම ඇසුරු කරපු හොඳම මිත්‍රයෙක් තමයි වික්ටර් රත්නායක මහත්තයා. මන් හිතන්නේ වික්ටර් රත්නායක මහත්තයාගේ සින්දු බාගෙකට වඩා පද රචනා කරලා තියෙන්නේත් ප්‍රේමකීර්ති මහත්තයා. එතකොට, වික්ටර් මහත්තයා ලගින් ඇසුරු කරපු කෙනෙක් තමයි ප්‍රියා සුරියසේන මහත්තයා. ඔය කලින් සිද්ද වුනු විස්තරේ ප්‍රියා මහත්තයා ගිහිල්ලා වික්ටර් රත්නායක මහත්තයාට කියනවා. ප්‍රේමකීර්ති මහත්තයා ගැන හොඳටම දන්නා ඔහු මෙහෙම කියනවා, "නිකන්ම ප්‍රේමකීර්තිගේ පස්සෙන් ගිහිල්ල නම් ඔය මනුස්සයාට කියලා ඔය වැඩේ කරගන්න වෙන්නේ නෑ. තමුසේ මෙහෙම කරනවා. තමුසේ හොඳ බෝතලයක් අරගෙන යනවා ප්‍රේමකීර්තිගේ ගෙදරට. ගිහිල්ලා එකත් දීල කියනවා සින්දුවක් ඕනි කියලා. එතකොට වැඩේ හරියයි."
දැන් ඔන්න ඉතින් ඉහේ මලක් පිපුන ප්‍රිය සුරියසේන මහත්තයා බෝතලේකුත් අරගෙන(ගල් බෝතලයක් හොඳේ. ඒ දවස් වල ඔය ප්‍රේමකීර්ති මහත්තයා වගේ හොඳ කලාකරුවෝ ඔක්කොම වගේ ගල් තමයි ඵ්‍රෙෆෙර් කරේ.) යනවා ප්‍රේමකීර්ති මහත්තයාගේ නිවසට. යනකොට ප්‍රේමකීර්ති මහත්තයා ගුවන්විදුලි සංස්ථාව පැත්තේ යන්න ලෑස්ති වෙනවා. ප්‍රියා බෝතලෙත් දීල ගීතයක අවශ්‍යතාවය ගැන ප්‍රේමකීර්ති මහත්තයාට කියනවා. ඒත් ප්‍රේමකීර්ති මහත්තයා කියනවා "අයිසේ මන් දැන් හදිස්සි වැඩකට ගුවන්විදුලි සංස්ථාවට යන්න යන්නේ. තමුසේ හෙට එනවා. හෙට මන් ලියල දෙන්නම් හොඳ සින්දුවක් තමුසෙට.". ඒ වුනාට ප්‍රියා සුරියසේන මහත්තය එකග වුනේ නෑ. කලින් දවස් වල තිබ්බ අත්දැකීම් නිසාම මේ පාරත් ගීතය මිස් වෙයි කියලා බයට ප්‍රියා සුරියසේන මහත්තය කියනවා බෑ බෑ මට දැන්මම සින්දුව ඕනි කියල. මුළු සින්දුවම බැරි නම් අඩුගානේ එක වෙර්සෙ එකක් හරි ලියලා දෙන්න කියලා ඉල්ලනවා.
කට කොනින් හිනා වුනු ප්‍රේමකීර්ති මහත්තයා මේසේ උඩ තිබ්බ කොළ කෑල්ලකුයි පෑනයි අරගෙන ලියනවා මෙන්න මෙහෙම පද 4ක්.

අද වාගේම හමු විය යුතු වේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආයුතු වේ..."
පද වැලත් ලස්සන නිසා ප්‍රියා සුරියසේන මහත්තය කියනවා සින්දුව නම් ලස්සනයි වගේ මන් හෙට එන්නනම් ඉතිරි ටික අරන් යන්න කියලා. ඒ වුනාට ප්‍රේමකීර්ති මහත්තයාගේ ගෙදරදී සිද්ද වුණු සිද්ධිය තමා මේ පද 4කින් කියල තියෙන්නේ.
ප්‍රියා මහත්තයට කියනවා අද වගේම හෙටත් එන්න කියලා. මේකේ මිහිර කියලා අදහස් වෙන්නේ අර ගෙනාපු බෝතලේ. නොකියා කියන්නේ අද ගෙනාපු බෝතලේ හෙටත් ගේන්න කියලා.

මං කලින් කිව්වා වගේ ඕනිම කෙනෙකුට විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන් මේ ගීතයේ උපත මෙතරම් රසබර සරල සිදුවීමක් වෙන්න ඇති කියා ඔබ මොහොතකටවත් සිතුවාද?
ගීතය ඇසීමට>>
ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේ ජීවිතේ ම වගේම මීටත් වඩා රසබර කතා කීපයක්ම තියෙනවා. ඒවත් හැකි අයුරින් ලියන්න බලාපොරොත්තු වෙනවා.
~සනා~
Ado mama me kathawa adhamayi ahuwe.adha kale sindu ekka baluwama mekanam patta sinduwak bn.Premakeerthi marapu eka JVP account ekata watunata aththatam marala thitenne edha hitapu guwanvidhuliye lokkekuge contract ekakata.samaharavita me asamanya dhakshathawath ekata hethuwak wenna athi
ReplyDeleteඔව් සහෝදරයා. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේ ඝාතනය ජ.වී.පෙ. ගිණුමට බැර කරාට දැන් කවුරුත් දන්නවා ගුවන්විදුලි සංස්ථාවවේ හඩ්සන් සමරසිංහ තමා ඔහුගේ ඝාතනයට මුලික උනේ කියල. ඒක ප්‍රසිද්ද රහසක්. මට මතකයි මේ ලගදි මහින්ද රාජපක්ෂ මහත්තයා ඔය ගුවන්විදුලි සංස්ථාව ළඟ පාරක් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත කියල නම් කරන වැඩසටහනකට සහභාගී වුන වෙලාවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාගේ බිරිඳ සියලු මාධ්‍ය ඉස්සරහා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයාට "ජනාධිපතිතුමනි, ප්‍රේමකීර්තිගේ මිනීමරුවා ඔබේ සෙවනැල්ලත්. ඇයි ඔබ ඔහුව ආරක්ෂා කරන්නේ?"
Delete(A visibly emotional Mrs. De Alwis lamented aloud for all to hear as she handed over the book to the President, “Those who killed him are around you. Why are you protecting them?”)