Sunday, November 29, 2015

ඒකිගේ සෙල්ෆිය

වැඩි කල් නැත මා කියනා සිද්ධියට
යන්නට වුනා මිතුරකු හා මලගෙදර
ආසන්නව රෑ දොලහේ කණිසමට
මිතුරා ගියා ජංගමයෙන් බුකිය වෙත

රෑ දොලහද පසු වී ගිය නිසාවෙන
ඉතිරිය කිහිප දෙනෙකුය මල ගෙදර
සිටිනා විටෙක කැරමක් ගසමින් ඔන්න
දෙවනත් වෙන්න බෙරිහන් දුනි මා මිතුර

ක්ෂණිකව ගියා ඔහු හිදිනා දිශාවට
ඇසුවෙමි උඹට අමු කැවිලද බූරුදෙන
නැත පිලිතුරක් ඔහුගෙන් ලැබුනේ මෙමට
කට ඇරගෙන බලා සිටී ජංගමය දෙස

බැලුවා අතට ගෙන ඔහුගේ ජංගමය
දුටුවා ඒ දසුන මාගේ නෙත් දෙකම
තිගැස්සී ගියා මගෙ මුලු සියොලගම
වෙව්ලන්නට විය මගෙ දෙපා යුවලම

යක්ෂණියක්ය මිතුරාගේ ජංගමයේ
ඇස් දෙක කුඩා විය එය දුටු විගසේ
මහ රෑ මලගෙදර වූ මේ ජරමරයේ
මිනියද තිගැස්සෙයි දුටුවොත් මේ රූපේ

ටික වේලාවකින් අවබෝධෙට ආවේය
බුකියේ දමා තිබුනු සේයාරුවකි එය
පෙනුමෙන් නම් මෝහිනී පරාදය
කෙල්ලෙක් දැමූ චාටර් සෙල්ෆියකි එය

~සුපුන් සුදාරක~


No comments:

Post a Comment

Don't You Think this Awesome Post should be shared ??
| ඒකිගේ සෙල්ෆිය |