Sunday, January 31, 2016

~අසම්මත වූ ලෝකයේ අසම්මත පෙම~
අඳුරැ කුටියක් තුල
සුමුදු සයනක් මත
ප්‍රේමයේ නාමයෙන්
සේදී ගිය කල පතිවත
අසම්මතය රජ වූ ලොව තුල
ඇය....
සමාජයට පිළිලයක් ලෙස
සලකන අයවලුන්ම
නාවා ගෙට ගත් කල
පිරිමියාගේ සියලු පව්
සේදී යන බව පවසයි...
ඉදින්, 21 වන සියවසේ
නවීන පන්නයේ මිනිසුන් යැයි
උදම් අනනා අයවලුන්ගෙන්
අසන්නට ඇත්තේ....
සමානාත්මතාව යනු මෙයද??
ඔහු තවත් එක් මිනිසෙක් නම්
ඇයද තවත් එක් ගැහැණියක්
නොවන්නේ මන්ද???

No comments:

Post a Comment

Don't You Think this Awesome Post should be shared ??
| |