Wednesday, August 24, 2016

ගිනි පුපුරැ

වරෙන් හනිකට මදෙසට
ගිනි ගත් හද නිවා දැමුමට
ඉඩ දියන් උබ හිමිහිට
ආල ගිනි දැල් පුපුරැ වන්නට

හෙලපන් සීරැවෙන්
ගිනි ගත් ශෘංගාර බැල්මන්
සලපන් හීනියෙන්
ගිනි ගත් මුවින් සිනා කැල්මන්

ලං වෙයන් ඉක්මනින්
රැය උණුහුම් කරවමින්
එක් වෙයන් හෙමි හෙමින්
රාග ගිනි සිළු සසල කරමින්

සීත පවනට රැළි නැගේ
දුහුල් සළු පිළි උබේ
දඟ කරන යුරැ හිතුමතේ
පාද යුග හා සමවැදේ

හසඟනන්ගේ ඇරයුමට
ගිනි ගත් දෙතොල් පෙත්තට
රිසි සේ සැරි සරන්නට
රැයේ උණුහුම විඳින්නට

රැයද අවසන් වී යතේ
ගිනි පුපුරැ නම් අළු වෙතේ
තාලයට රඟ දෙතේ
සුරාන්තය තව දුර ඇතේ

                     - Supun_Sudaraka -


2 comments:

  1. පුපුරැ උබ සීරැවෙන් උබේ යුරැ සුරාන්තය

    මොනවද මචෝ මේ

    ReplyDelete
  2. සීත රාත්‍රියට උණුහුම් බෙහෙත් වට්ටෝරුව. අපූරු කවි පෙල.

    ජයවේවා!!!

    ReplyDelete

Don't You Think this Awesome Post should be shared ??
| ගිනි පුපුරැ |