නිමා කර හිරු
අවරගිර ගැබ
උදා වන්නා
මේ රැයේ
නැතත් නුබ සඳ
තනිය මැකුමට
කොඳුරන්න බිඳකදු
වදන් සවනට
ආදරය මුහු කොට
පිරිමදින විට හිස
මුමුණන්න කව් ගී
නුබෙ තුරුලෙ හිඳ
සඳක් මැයි නුබ
අඳුරු ගුවනට
වළා ගැබ පුන්
එළිය විහිදන
තරු වුවත්
දොඩමළු රැයේ මේ
කොහිද අවසර
සඳට නැගුමට
නිසල නුබ ගැබ
එළිය කෙරුමට
අමාවක තව
දිගුය අඳුරුය
ඉදින් සඳ නුබ
ඇඟිලි ගනිමින්
ඉදින් ඉවසා
එක බිඳක් තව
ගෙවා අටවක
නොබෝ කලකින්
බබළවයි නුබ
මෙලොව හැම අත
පිරුණු සුසිනිඳු
සුපුන් සඳ ලෙස
No comments:
Post a Comment