හ්ම්ම්... බ්ලොගින්...!!!!
සෛබර් අවකාශයේ සැරිසරන පොඩි කොලු ගැටයෙක් වෙච්චි මටත්(පොඩි කිව්වට පොඩිමත් නෑ. දැන් අවරුදු 23කටත් කිට්ටුයි ඕන්) බ්ලොග් ලියන්න අදහසක් පහල උනා. ඒකට ප්‍රධාන හේතුවක් වුනේ මගේ අදහස් සෛබර් අවකාශය තුල හරි හැටි සංවාදයකට ලක් කරන්න තියෙන අවශ්‍යතාවය. එතකොට ඔය රොටිය බබා, මාතලන්, නෙලුම් යාය, කොළඹ ගමයා, මාධවගේ බ්ලොග් සටහන, ගී පැදුර, බයිස්කෝප් මංසල, කාලය, සිතුවිලි, ආදී එකී මෙකි නොකී බ්ලොග් අඩවි අම්බානක් කියවල ගත්තු අභාශයත් මේ විදියට බ්ලොග්කරණයේ යෙදෙන්න එක හේතුවක් වුනා.
හරි, මුලින්ම මං මොකෙක්ද, මොනාද කරන්නේ, කොහෙද ඉන්නේ, වගේ මගේ වතගොත ටිකක් සදහන් කරලම වැඩේ පටාන් ගමුකො...
නම සුපුන් සුදාරක. දැනට ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ
උසස් අධ්‍යාපනය හදාරනවා. කැම්පස් එකේ නම් මගේ කාඩ් එක "සනා". ඒක නිසා බ්ලොග් ලියද්දිත් ඒ කාඩ් එකම පාවිච්චි කරන්න තමා හිතන් ඉන්නේ. ඔය කලාව, අධ්‍යාපනය, ආර්ථිකය, සමාජය, චිත්‍රපට, දේශපලයනය, සංගීතය වගේ ගොඩක් දේවල් ගැන මගේ අදහස් දක්වන්න මේ බ්ලොග් එක උදව්වක් කර ගන්න තමා මන් හිතන් ඉන්නේ. ඒ අදහස ඕනි එකක් සංවාදයට විවුර්තයි.
එනම් ඉදිරියේදී උණු උණු බ්ලොග් පොස්ට් එක්ක හම්බෙමු. ජය වේවා...!!!
මේ බ්ලොග් අඩවිය ලඟදි දැක්කේ. අපේ බ්ලොග් අඩවි වලට වනම් කලින් එනවා. දැක්කේ නැහැ.
ReplyDelete